Sania-Ashiq-pakistan-abuse

පකිස්ථානයේ සුරූපී තරුණ පළාත් සභා මන්ත්‍රීවරයක වන සානියා ආෂික් Sania Ashiq සම්බන්ධ අන්තර්ජාල ප්‍රචාරණයක් නිසා ඇය මහත්සේ අපහසුතාවයට ලක්ව තිබේ. පන්ජාබ් පළාතේ තක්ෂිලා සභා බල ප්‍රදේශයේ මන්ත්‍රීවරයක වන ඇයගේ අසභ්‍ය වීඩියෝවක් එරට සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වෙමින් තිබේ. 




මෙම වීඩියෝව සම්බන්ධයෙන් සානියා ඔක්තෝබර් 26 වැනිදා රජයට සහ මධ්‍යම විමර්ශන ඒජන්සියට පැමිණිල්ලක් ගොනු කර තිබුණි. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව වීඩියෝ පටය කාන්දු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. කෙසේ වෙතත්, වීඩියෝව අසත්‍ය එකක් යයි පොලිසිය පවසා නැත.
මන්ත්‍රීවරිය මේ පිළිබඳව ඉම්රාන් ඛාන්ගේ මධ්‍යම රජයට ද පැමිණිලි කළ නිසා මේ ගැන තවත් ප්‍රවෘත්ති ඇවිස්සී තිබේ. පන්ජාබ් පොලිසිය සහ FIA විමර්ශනය ආරම්භ කළේ පැමිණිල්ල සිදු කර දින ගණනකට පසුව වන අතර ඒ කාලය තුළ මෙහි පිටපත් අන්තර්ජාලයේ බොහෝ සේ පැතිරිණි.
‘පාකිස්තාන් ටුඩේ’ පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සානියා පවසා ඇත්තේ මගේ වීඩියෝව සමාජ මාධ්‍යවල වෛරසයක් ලෙස පැතිර තිබෙනවා. මීට අමතරව, මගේ සමහර පින්තූර සමාජ මාධ්‍ය වේදිකාවල වෛරස් වී තිබෙනවා. මට තර්ජනාත්මක දුරකථන ඇමතුම් එනවා.' යනුවෙනි.



සානියා ආෂික් පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් (PML-N) සාමාජිකාවකි. ඇය පන්ජාබ් පළාතේ තක්ෂිලා සභා බල ප්‍රදේශයේ පළාත් (MPA) මන්ත්‍රීවරයෙකි. හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය වන මරියම් නවාස්ට ඉතා සමීප කාන්තාවක වන බවද පැවසේ.

(ජියෝ නිවුස් ඇසුරිනි  - Gossiplankanews.com)