එකම පවුලේ බාල වයස්කාර අක්කයි නංගියි වසර දහයක් තිස්සේ අපයෝජනයට ලක් කළ බව කියන පෞද්ගලික පාසල් වෑන් රථ රියදුරෙකු ඊයේ (18දා) සැකපිට අත්අඩංගුවට ගත් බව ඛණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය පවසයි.


40 හැවිරිදි පාසල් වෑන් රථ රියැදුරකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු නංගිට වයස අවුරුදු හතරේ සිටද අක්කාට වයස අවුරුදු නමයේ සිටද වසර දහයක් තිස්සේ අපයෝජනයට ලක් කර ඇති බවත්, සැකකරුගේ තවත් අපයෝජන සිද්ධ වීමර්ශනවලදී හෙළිවෙමින් පවතින බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම දැරියන් දෙන්නා නිවසින් නග්ගවා ගන්නා රියදුරු අනතුරුව පාසලේදී බස්සවන බවත් නැවත පාසල් ඇරී නිවසට ගෙන එන අවස්ථාවේ කුඩා දැරිය කලින් පාසල් ඇරී වැඩිමළා පැමිනෙන තුරු වාහනයේ රැඳී සිටි අවස්ථාවල දැරිය රවටාගෙන මුල් කාලයේ විවිධ ස්පර්ශ කිරීම් සිදු කර ඇති බව හෙළිව ඇත. පසුව මේ කුඩා දැරිය ඊට හුරුවී ඇත. කිසිවෙකුට නොපවසන ලෙස පවසා ඇයට විවිධ කෑම ජාති තෑගි බෝග ලබාදුන් බව දැරිය පවසා තිබේ.
පසුකාලීනව වැඩිමල් දැරියද මෙම කාර්යයට ඔහු නම්මවාගෙන තිබෙන අතර ඊට ඇබ්බැහිවූ දැරියන් ‘වෑන් අංකල්‘ සමග ‘විනෝදවීමට‘ පාසල වේලාවෙන් පසු රැඳී සිටීමේ හා නිවාඩු දිනවලද පුරුදුවී ඇත. අතවර කිරීමට යොදාගෙන ඇත්තේ වෑන් රථයේ පසුපස අසුනයි.

මෙම කටයුත්ත කාලයක් තිස්සේ සිදුවෙද්දී ඇතැම්විට දැරියන්ගේ කැමැත්ත අභිබවා යමින් ඔහු විධාන කරමින් ඔහු සමග එක්වීමට බලකර ඇත.

අදාළ දරුවන් දෙදෙනා මේ වනවිට වයස අවුරුදු දාහතර සහ දහ නමය වයසේ පසුවන අයවන අතර රියදුරු අංකල් වද කරනවා කියමින් කුඩා දියණියගෙන් බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් බණඩාරවල මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.