Opposition-protesters-were-not-allowed-to-board-buses
අද දින සවස පැවැත්වීමට සූදානම් කර ඇති විපක්ෂයේ උද්ඝෝෂණ ක්‍රියාවලියට පොලිසියෙන් බාධා පැමිණ ඇති බවට ප්‍රදේශ ගණනාවකින් වාර්තාවේ.

එක් බාධාවක් ලෙස වාර්තාවන්නේ ගම්වල සිට උද්ඝේෂණය සඳහා කොළඹ වෙත පැමිණෙන බස් රථ මගදී නවතා දැමීමයි.
මෙලෙස නවතා දැමූ පසු ඒවායේ සිටි ඇතැම් පිරිස් පොලිසිය ප්‍රශ්න කරන ආකාරය හා පොලිසිය එහිදී නිරුත්තරවන හැටි වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය වෙත යොමුව ඇත. තවත් වීඩියෝවක දැක්වෙන්නේ බස් නවතා දැමීම අසාධාරණ බව පවසා පාරේ නිදාගන්නා පිරිසකි.
ඊයේ සවස වනවිට මෙම උද්ඝෝෂණ නැවතීමට පොලිස් ස්ථාන 51 කින් අධිකරණයෙන් ඉල්ලුම් කළ තහනම් නියෝග 51 ක්ම ප්‍රතික්ෂේප වී ඇති පසුබිමක මෙම බාධාවන් පොලිසිය මගින් සිදුකරනු හඳුනාගන්නට ලැබේ.