sjb-protest-police

උසාවියෙන් පොලිසිය ඉල්ලු උද්ඝෝෂණ තහනම් කරන නියෝග 51 ක් ප්‍රතික්ෂේපවී ඇති අතර 7 ක් පමණක් සීමාකම් සහිතව අනුමතවී ඇත. මෙම පසුබිම යටතේ අද විපක්ෂය සංවිධානය කර ඇති උද්ඝෝෂණ සඳහා පැමිණෙමින්  පවතින උද්ඝෝෂකයින් සහිත බස් රථ දිවයිනේ ස්ථාන ගණනාවක නවතා 



පොලිසිය මගින් බාධා කර ඇති අතරම ඒ ස්ථාන ආසන්නයේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර බහින්බස්වීම් හා ගැටලුකාරී තත්ව මතුව තිබේ.
මේ සම්බන්ධයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේදීද කතාකර ඇත.
පානදුර නොච්චියාගම බෝගම්බර හල්දුම්මුල්ල බෙලිහුල්ඔය අරලගංවිල පුත්තලම විරෝධතා බස් නැවතූ හැටි පහත වීඩියෝවෙන් දැක්වේ.