පැරිස් නුවර Christie's වෙන්දේසි මන්දිරයේදී පසුගියදා මෙම අලෙවිය සිදුව තිබේ. පිටු 54කින් සමන්විත මෙම අත්පිටපත ඔහුගේ සාපේක්ෂතා නියමය පිළිබඳව සිදුකළ ගණනය කිරීම් ඇතුළත් ලියකියවිලිවලින් සමන්විත වන බව පැවසෙයි. ඒ අනුව මෙය ඉතාමත් දුර්ලභ අත්පිටපතක් ලෙස හඳුනාගෙන තිබේ. වාර්තාවලට අනුව මෙවැනි අත්පිටපත් දෙකක් ලොව පවතින අතර, ඉන් එකක් මෙලෙස පැරිසියේදී වෙන්දේසි වී තිබේ. වෙන්දේසි සමාගමට අනුව මෙම අත්පිටපත් ඩොලර් මිලියන 2.4ත් 3.5ත් අතර මිලකට අලෙවි වෙතැයි අපේක්ෂා කළද එය මෙලෙස ඩොලර් මිලියන 15ක් දක්වා ඉහළ නැග තිබේ. දුරකථනය හරහා වෙන්දේසියට ඉදිරිපත් වූ නමක් සඳහන් නොකළ පුද්ගලයෙකු විසින් මෙම මිලදී ගැනීම සිදුකර ඇතැයි සඳහන් වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval