ශ්‍රී ලංකික නිළි ටාෂියා කාලිදාස පකිස්ථානයේ TV block buster නාට්‍ය මාලාවක් වන Sinf-e-Aahan හි ප්‍රධාන චරිතයක් නිරූපණය කර තිබේ.පකිස්ථානයට පැමිණි ශ්‍රී ලංකා යුද හමුදා කැඩෙට් නිලධාරිනියක ලෙස ඇය ශ්‍රී ලංකාවේ ධජයක් සහිත හමුදා නිල ඇඳුමක්ද ඇඳගෙන මෙහි රඟපාන්නීය.





18 හැවිරිදි යෙහාලි ටාෂියා කාලිදාස 2022 වසරේදී උසස්පෙළට (පුද්ගලිකව) පෙනී සිටීමට සූදානමින් සිටින සිසුවියක වන අතර මහනුවර පදිංචිකාරියකි. ඇය වෙළෙඳ දැන්වීම් කිහිපයක් නිසා ප්‍රකට විය. චෙකර්ස් කුකීස්, කොමර්ෂල් බෑන්ක්, Hutch, පෙප්සි, මෝර්ටීන්, පීසා හට්, සතොස, AMW, SLTC Campus, සන්ලයිට්, මැගී පපරේ කොත්තු, MD සෝස් ඇතුළු වෙළෙඳ දැන්වීම් ගණනාවක ඇය පෙනී සිටි අතර Interනැසනල් ටෙලි නාට්‍ය මාලාවේ පළමු අදියරේ රඟපෑවාය.

‘මේක ශ‍්‍රී ලංකාවේ යුද හමුදාවත් පාකිස්තානයත් එකතුවෙලා කරන නිර්මාණයක්. ඒ සඳහා ලංකාව නියෝජනය කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදාව මට ආරාධනා කළා.මම ඒ ආරාධනාව බොහොම සතුටින් භාර ගත්තා .ලංකාව නියෝජනය කරමින් මේ වගේ නිර්මාණක රංගනයට අවස්ථාව ලැබීම මට ලොකු භාග්‍යයක්. විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙම නිර්මාණය සඳහා ලංකාවෙන් සහභාගී වෙන එකම පුද්ගලයා මම.‘


ඇය පවසා තිබේ.
පකිස්ථාන නාට්‍ය මාලාවේ ටීසර් වීඩියෝව මේ වන විට නිකුත් වී තිබෙයි එය පහතින්