Controversy-over-LTTE-flower-garland-worn-by-Indian-Consul-General-in-Jaffna

පසුගිය 20 වැනිදා පෙරවරුවේ යාපනය නල්ලූර්හි සංගිලියන් උද්‍යානයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ පුෂ්පය ලෙස සැලකෙන නියඟලා මලක් යාපනයේ  ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප්‍රධානි රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් මහතාවෛත පළඳවා යාපනයේ පැළ බෙදාදීමේ උත්සව අවස්ථාවකට එක්කරගැන්මේ  සිදුවීමක් ආන්දෝලනයට හේතුවී ඇත.




 නොවැම්බර් මාසයට යෙදී ඇති පැළ සිටුවීමේ මාසය නිමිති කරගනිමින් දෙමළ ජාතික හරිත ව්‍යාපාරය විසින් මෙම වැඩසටහන සංවිධානය කළ බව පැවසේ.
උතුරු පළාත් හිටපු කෘෂිකර්ම ඇමැති පොන්නතුරෙයි ඓන්කරනේෂන්ගේ ප්‍රධානත්වයෙන් සංගිලියන් උද්‍යානයේෙ සංවිධානය කර තිබූ මෙම වැඩසටහන වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වී ඇත්තේ ඉන්දීය කොන්සල් ජනරාල් රාකේෂ් නට්රාජ් ජයබාස්කරන්ය‍.
එහිදී ඉන්දීය කොන්සල් ජනරාල්වරයා ඇතුළු ආරාධිතයන්ට කොටි සංවිධානයේ පුෂ්පය වන නියඟලා මලක්
පලඳවා සංවිධායකයන් විසින් ඔවුන් පිළිගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය සඳහන් කර ඇත්තේ අදාළ සිද්ධිය පිළිබඳව  මාධ්‍ය වාර්තා නොමග යවන සුලු බවයි.
 සංවිධායකයන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන් පිළිබඳව කිසිදු පූර්ව දැනුම්දීමක් දැන නොසිටි බවද එහි දැක්වේ.