ශ්‍රී ලංකාව අවට බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මළ මුහුදක් නිර්මාණය වීමෙන් සාර්ක් කලාපයේ පිහිටි රටවල් හයකට බලපෑම් එල්ල වී ඇති බව පරිසරවේදීන් සඳහන් කරයි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, ඉන්දුනීසියාව බලපෑමට ලක්ව ඇත. දැනට බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වී ඇති මළ මුහුද මුහුදේ මීටර් 100 සිට මීටර් 400 දක්වා ගැඹුරට විහිදෙන අතර වර්ග කිලෝමීටර් 60000ක පමණ ප්‍රදේශයක් ආවරණය කරයි. කලාපීය රටවල් නිසි කළමනාකරණයකින් තොරව වසර ගණනාවක් තිස්සේ ගංගා හරහා ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මුහුදට මුදා හැරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව පරිසරවේදීහු පවසති.
කලාපීය රටවල් සාගරයට මුදාහරින ප්ලාස්ටික්, පොලිතින්, නයිට්‍රේට්, පොස්පේට්, මල අපද්‍රව්‍ය වැනි දැ සක්‍රීය වීම නිසා ඔක්සිජන් මට්ටම මහා පරිමාණයෙන් අඩුවීමෙන් මෙම තත්ත්වය ඇති වේ. එය මත්ස්‍ය සම්පත වර්ධනයට මෙන්ම ධීවර හා සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇති මෙම මුහුදු ප්‍රදේශයේ සාගර ජීවීන් ඉතා අඩු තත්ත්වයට පත්ව ඇත. කලාපයේ සියලුම රටවල් එකමුතුව ගන්නා තීරණ හරහා මෙම විනාශය අවම කර ගත හැකි බැවින් නුදුරේදීම “අයෝරා” නමින් ඒකාබද්ධ සාකච්ඡා වටයක් රටවල් අතර ආරම්භ කිරීමට නියමිතය. ආහාර දාමයට ප්ලාස්ටික් එකතු වීම මිනිස් සෞඛ්‍යයට හානි කර බැවින් කලාපිය රජයන් වහාම ක්‍රියාත්මක විය යුතුය.
Source-A24 News
Comments
Post a Comment
Your comment will be visible after approval