Announcement-by-the-police-regarding-the-death-of-the-Welikanda-girl

පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක  19 හැවිරිදි තරුණිය ඊයේ මියයාමෙන් පසු
මීට දින 13 කට පෙර ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමේ සිදුවීමක් නිසා ඇය බරපතල තුවාල ලද බවටත් ඒ අනුව ඊයේ මියගිය බවටත් වාර්තා පළවූ  අතර  නිවසේ  මුළුතැන් ගෙයි තිබූ  ගෑස් උදුන දැල්වන්නට යෑමේදී ගිනිකූරක් පත්තුකරන්නට උත්සාහ දැරූ අවස්ථාවේ ඇය මියගිය බව ඇගේ පියා පවසා තිබුණි.  නිවසේ කිසිවෙකු නොසිටි වෙලාවක සිදුවූ සිදුවීම ගැන රෝහල්ගතව සිටියදී තුවාල ලද දියණිය පියාට ඒබව පවසා තිබුණි.



කෙසේ වෙතත් තරුණිය මියගිය හේතුව සම්බන්ධයෙන් පොලීසිය වෙනස් ආකාරයේ නිවේදනයක් නිකුත් කර තිබේ.
වැලිකන්ද සඳුන්පිටිය ප්‍රදේශයේ පදිංචි බී.ජී. අයේශා කුමුදුනි නමැති ඇය මියගොස් ඇත්තේ ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමකින් නොවන බව පොලිස් විමර්ශන අනුව තහවුරු වී ඇතැයි වාර්තා කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් විමර්ශනයක් සිදුකළ බවත්
මේ දක්වා සිදුකර ඇති විමර්ශන අනුව අනාවරණය වී ඇත්තේ සිරුරට ගිනිතබා ගැනීමක් හේතුවෙන් ඇය තුවාල ලබා පසුව මියගොස් ඇති බව යයි එහි දක්වයි.
ඇයගේ මරණය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මරණයට හේතුව බාහිර පිළිස්සීම් තුවාලවලට විෂබීජ ආසාදනයවීමක් නිසා ඇතිවූ මරණයක් බවට නිගමනය කර ඇති අතර දිවිනසාගැනීමක් යයි තවම වෛද්‍යවරු දන්වා නැත.



මේ දිනවල ගෑස් භාවිතය අනතුරුකාරී බවට ඒත්තු ගන්වමින් නිවාස ඒකකවල ගෑස් සිලින්ඩර පුපුරායාම සිදුවෙද්දී රජය වෙනුවෙන් පෙනී සිටින රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම පොලිසිය නිකුත් කරන ඇතැම් නිවේදන විවාදයට තුඩුදී ඇති අතර දැවැන්ත සමාගම් වල වෙළෙඳ අවාසි ආරක්ෂාකරමින් ප්‍රකාශ නිකුත්කරන බවටද ජනතාව තුළ සැක සංකා මතුව ඇත.