warakapola-dead-body

අද (13) දහවල්  වරකාපොල පොලිස් වසමේ තුල්හිරිය ප්‍රදේශයේ මා ඔය ඉවුරේ සැකකටයුතු ලෙස මුඛය ආවරණය වන පරිදි ප්ලාස්ටර් අලවා තිබූ මෘත ශරීරයක් ඇති බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ගොස් සොයාබැලීමේදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවූ බව පොලිසිය වාර්තා කරයි. 

මේ ගැන වරකාපොල පොලීසිය කරන ලද විමර්ශනයේදී මෘත ශරීරය ආසන්නයේ තිබී ජාතික හැඳුනුම්පතක් සොයා ගෙන ඇති අතර, හැඳුනුම්පතට අනුව ලිපිනය සොයා බැලීමේදී එම පුද්ගලයා ගැන පොලිස් පැමිණිල්ලක් තිබී හමුවිය.

ඔහු අතුරුදහන්ව ඇති බවට මීට දින 3 කට පෙර පසුගිය 10 වන දින ඔහුගේ බිරිඳ විසින් පන්නල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබී ඇත. ඒ අනුව ඇයට දැනුම් දෙනු ලදුව සවස පැමිණි ඇය අතුරුදහන්වූ සැමියාගේ මෘත ශරීරය එයම බවට හඳුනාගෙන ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 43 ක්වූ අරත්තන, උඩුගම ලිපිනයේ පදිංචිකරුවෙකි. මෙය මනුෂ්‍ය ඝාතනයක් ලෙස හඳුනාගෙන ඇති අතර

මෘත ශරීරය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන්නට කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.