නිට්ටඹුව ඌරාපොළ ප්‍රදේශයේ දම්රෝ මෙට්ට කර්මාන්ත ශාලාවේදී අද (21) දහවල් ගින්නක් හටගත්තේය.
මෙම ගින්න නිසා කර්මාන්ත ශාලාවේ ගබඩා සංකීර්ණය මුළුමණින් දැවී අළුවී ගිය අතර ආසන්න ස්ථානවල සිටි සේවකයන්ට බලාසීටීම හැර වෙනත් දෙයක් කිරීමට ඉඩක් නොවුණි.
මෙම සිදුවීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා තහවුරු කළේය.වතුපිටිවල මූලික රෝහලද කිසිදු තුවාල කරුවෙකු නැති බව තහවුරු කර තිබේ.
ගින්න හේතුවෙන් මිලියන ගණනක් වටිනා දම්රෝ මෙට්ට විනාශ වන්නට ඇතැයි සැලකේ. තවම පාඩුව ගණන් බලා නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval