
2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුදුසුකම් ලැබීමේ මුල් වටයේ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ
නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වූ තරඟයේදී කඩුලු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු
44ක් පමණයි.
වනිඳු හසරංග කඩුලු 3යි,මහීෂ් තීක්ෂණ කඩුලු 2යි ලහිරු කුමාර කඩුලු 3යි
පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.
කුසල් ජනිත් ලකුණු 33යි.
ශ්‍රී ලංකා පිල මෙම තරගයට පෙරාතුව සිට 12 දෙනාගේ වටයට තේරී තිබුණ අතර අද ජයග්‍රහණයත් සමග තවදුරටත් මුල්වටයේ හොඳම පිල බවට පත්ව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval