
දිවයින පුරා පිහිටි රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) එළඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී තිබේ.
ඒ අනුව පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හි ප්‍රාථමික අංශ පසුගිය ඔක්තෝබර් 21 දින සිට ආරම්භ වූ බවත් අනතුරුව ලබන සඳුදා දෙවන අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල් හි ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) මෙලෙස ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා තහවුරු කළේය.
රජයේ අනුමත පෞද්ගලික පාසල්, කතෝලික පාසල්වල ප්‍රාථමික අංශ ද ඊට සමගාමීව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට තීරණය වී තිබේ.
අදාළ මාධ්‍ය නිවේදන පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval