ත්‍රෛනිකායික මහා සංඝ රත්නයේ භික්ෂූන් වහන්සේලා සියක් නමක් පමණ සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු දූත පිරිස ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පිහිටි කුෂිනගර් අන්තර්ජාතික ගුවන් තොටුපොළෙහි සමාරම්භය වෙනුවෙන් ගිය ගමනේදී බෞද්ධ සිද්ධස්ථාන රැසක් වැඳපුදා ගත්හ.
බුදුරජාණන් වහන්සේ සිය පළමු ධර්ම දේශනාව සිදු කළ සාරානාත් විහාරස්ථානය හා සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූවා යැයි සැලකෙන කුෂිනගර් හි පිහිටි පරිනිර්වාණ වෛත්‍යය හා රාමභාර් ස්ථූපය වැඳ පුදා ගැනීමත් ඉන්දියාවේ වරනාසි හි මූලගන්ධ කුටි විහාරය වැඳ පුදා ගැනීමටද ඔවුහු එක්වූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval