සත්වෝද්‍යානයේ නවඅධ්‍යක්ෂ ජනරාල්වරිය ෂර්මිලා රාජපක්ෂ

Ad Code

සත්වෝද්‍යානයේ නවඅධ්‍යක්ෂ ජනරාල්වරිය ෂර්මිලා රාජපක්ෂ


සත්වෝද්‍යානයේ නවඅධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්ෂ පත් කර තිබේ. ඇය හෙට (28) සිට එම තනතුරෙහි වැඩ භාරගනු ඇත


ඇය වියත්මග සාමාජිකාවකද වන අතර  2020 ජුනි මාසයේදී ජනාධිපතිගේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස  ෂර්මිලා රාජපක්ෂ කටයුතු කළාය.

ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩු තනතුරට ඇය පත්වනු ඇත.
ජාතික සත්වෝද්‍යානය භාරයේ සිටින අලි ඇතුන් 14 දෙනෙකු මුල් අයිතිකරුවන් සමඟ ලියාපදිංචි කිරීම සඳහා නිදහස් කිරීමට නිකුත් කර ඇති නියෝගයට විරෝධය පළ කරමින් ඉෂිනි වික්‍රමසිංහ පසුගියදා ඉල්ලා අස්වී තිබුණි.

නව අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා ගණකාධිකාරීවරයකු ද වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ උපාධියක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත.  කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ආදි සිසුවියක වන ඇය ගායනයටද දක්ෂතා ඇත්තියකි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu