දඹානේ සංචාරය සදහා පැමිණි අය අනිවාර්යයෙන්ම කෝවිඩ්-19 සොඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බව ආදිවාසී නායක වනස්පති, විශ්වකීර්ති ඌරුවරිගේ වන්නියල ඇත්තේ පැවසීය.
සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග මේ දිනවල දිස්ත්‍රික්කය තුළ ඇතැමුන් ආදිවාසීන් දැකබලා ගැනීමටත් ඔවුන් පිළිබදව අධ්‍යයනය කිරීමටත් පැමිණෙන බවද වන්නියල ඇත්තෝ සඳහන් කළේය.ආදිවාසින් සමග සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කර ඇති බවත්, සංචාරකයන් අනිවාර්යයෙන්ම මුව ආවරණ පැලද සිටිය යුතු අතර ආදිවාසීන් සමග මීටර් දෙකක දුරස්ථභාවය රැකිය යුතු බවත් ආදිවාසී නායකයා අවධාරණය කළේය.
(බදුල්ල -පාලිත ආරියවංශ)
Comments
Post a Comment
Your comment will be visible after approval