1949 ඔක්තොම්බර් 10 දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වැනි සංවත්සරය අනිද්දා (10)  යෙදී ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී දළදා මාළිගාව, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලිය,  බොරුල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය, කිරුළපන මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල, කිරිවෙහෙර, කතරගම මහ දේවාලය සහ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ආශ්‍රිතව ආගමිකවතාවත් පැවැත්විණ. එසේම බත්තරමුල්ල යුද්ධ හමුදා මූලස්ථානයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් සහ සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණ.


එසේම තිස්වසරක් පුරා පැවැති යුද්ධයේ දී


ජීවිතක්ෂයට පත් රණවිරුවන් සිහිකර ඔවුන්ට පුෂ්පෝපහාර දැක්වීම බත්තරමුල්ල රණවිරු ස්මාකරනය අබියසදී පැවැත්වුණු අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර අබිමසංල හි නේවාසිකව සිටින රණක්ෂිතයට පත් රණවිරුන් බැහැදැක ඔවුන්ගේ සුවදුක් විමසුවේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සම්මාන පෙළපාලිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්වේ.

දිලංක ගුණතිලක