sajith-premadasa-speaks

ඊයේ (12දා)අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ එළවළු ගොවියන් පිරිසක් හමුවී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ කීය.
 
‘කඩිනමින් ආර්ථිකය කළමනාකරණය කිරිමට කටයුතු නොකරන්නේ නම් ශ්‍රී ලංකාව පමණක් නෙවෙයි ළමා සහ මාතෘ මන්දපෝෂණයත් වැඩි වෙනවා. වසර කිහිපයකට පෙර බලයට ආවේ වැඩ කරනවා කියලා. දැන් වැඩ කිරීම නෙවෙයි වැඩි වෙන එක විතරයි වෙන්නේ.

මම දැක්කා පසුගිය දවසේ ඇමතිවරු ඉන්නවා පෝලිම් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්න.

මොනවද ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවල කියන්නේ. තෙල් වැඩි කරන්න ඕන. සිමෙන්ති වැඩි කරන්න ඕන. කිරිපිටි වැඩි කරන්න ඕන. ගෑස් වැඩි කරන්න ඕන. මේ වගේ අරාජික රටක් තුළ, මෙවැනි කඩාවැටුණු ආර්ථිකයක් තුළ කොහොමද මිනිස්සු ජීවත් වෙත්. අපි අවබෝධ කරගත්න ඕන මිනිසාගේ පරම යුතුකම මිනිසා ජීවත් කරවීම.

ගොවි ජනතාවට පොහොර නොදෙනවා කියන්නේ ගොවි ජනතාවට අධිවේගී මාර්ගයක් හදනවා මරණ මංචකයට යන්න. මෙවැනි තත්වයක් තුල එක් පැත්තකින් පොහොර නෑ. තවත් පැත්තකින් බඩු මිල අහස උසට යනවා. අපේ මාතෘ භූමිය අරාජික තත්වයට පත්වෙනවා. මේ ආර්ථික කළමනාකරණය කිරීමට කටයුතු නොකළොත් තව නොබෝ දිනකින් අපේ රට බංකොළොත් වේවි”