gas-prices-hike

ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මෙසේ පවසා තිබේ.

    ‘‘කෙටි කාලයකින් නැවත ගෑස් මිල ඉහළ දැමීමට සිදුවනවා. මේව හංගල වැඩක් නැහැ. ලංකාවේ ආර්ථිකය සම්බන්ධව පවතින තත්ත්වය පොදු මහජනතාවට සැඟවිය යුත්තක් නොවෙයි. එසේ සැඟවීම නිසා බොහෝ විට ලංකාවේ උද්ගත වන ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණයට හසු කර ගැනීම නිසා මහජනතාව ඉන් මුළා වෙනවා. එනිසා මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව මේ ආර්ථික තත්ත්වය පිළිබඳව සවිඥානිවකව මේ වෙලාවේදී වටහා ගැනීම ඉතාම වටිනවා.



ඉදිරියේදී වැඩි කරන ලද මිල ක්ෂණිකව අඩු කරන්නේ යැයි ජනතාවට බොරු පොරොන්දු දීමට මට අවශ්‍ය නැහැ.ගෑස් මිල ස්ථිරසාර මිලක් යටතට ගෙන ඒමට උත්සාහ කරනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ පිළිබඳව සොයා බලා නිසි පරිදි යළි මිල වැඩි කිරීම සිදුවේවි.