rohitha-rajapaksa-politics

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ දේශපාලනයට පිවිස වයඹ මහඇමති අපේක්ෂක ධූරයට තරග වදිනු ඇති බවට පසුගියදා ආරංචි පැතිර ගිය පසුව ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබේ.



ඊයේ ඩේලිමිරර් පුවත්පත කළ විමසීමකදී ඔහු කියා ඇත්තේ තමාට දේශපාලනයට පැමිණීමට අදහසක් නැති බවයි.


පසුගිය වසරේ පැවති මහ මැතිවරණ ව්‍යාපාරයේදී තම පියා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා පමණක් දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන ව්‍යාපාර සඳහා තමා සහභාගී වී සිටින බව ඔහු පවසා ඇත.
තමා වයඹ පළාතේ මහ ඇමති ආසනයට තරඟ කිරීමට සූදානම් වන බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරමින් රෝහිත  පැවසුවේ තමාට දේශපාලනය කිරීමට කිසිදු අදහසක් නැති නමුත් ජනතාවගේ යහපත උදෙසා සමාජ ව්‍යාපෘති සඳහා දැඩි ලෙස සම්බන්ධ වීමට කැමැත්තකි ඇති බවයි.

රෝහිත පැවසුවේ තමන් කුරුණෑගල ජනතාව සමඟ වැඩ කරන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ඡන්දදායක කොට්ඨාසය වූ බැවින් වන නමුත් අනාගතයේදී තරඟ කිරීමේ අදහසින්  එය නොකළ බවයි.

“මගේ පියා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ලබා මහ මැතිවරණය ජයග්‍රහණය කළා. මැතිවරණ ව්‍යාපාර වලදී මම ඔහු සමඟ සිටි යා. දැන් ඔහු අගමැතිවරයා බැවින් එම දිස්ත්‍රික්කයේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ වගකීම මට පැවරී තිබෙනවා.

අපි එම කාර්යය කළ යුතු බැවින් මම එය කරන්නේ හොඳ හිතෙන් .. අග්‍රාමාත්‍යවරයා මුළු රටම රැකබලා ගන්නා නමුත් කුරුණෑගලට පමණක් ඔහුට කැපවීමට වැඩි කාලයක් නැහැ. එම නිසා ඔවුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට සහ ඔවුන්ගේ ගැටලු විසඳීමට මට පැවරී තිබෙනවා‘ ඔහු පැවසීය.

(ඩේලි මිරර්- ජමිලා හුසේන් සටහන ඇසුරිනි)

පෙර ලිපිය
රෝහිත රාජපක්ෂ වයඹ මහඇමති තරග සටනට එන කතාව හා නැතිවී හමුවූ පූසා