
මීට දින කිහිපයකට පෙර ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ Pandora පේපර්ස් නමින් ප්‍රකට වුණු වත්කම් සටහන් වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන ලෙස
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කර තිබෙයි.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක ට්විටර් සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් තහවුරු කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval