බන්ධනාගාරගතව සිටීන රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට ඊයේ (12)දා ගිය අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා සතුව පැන්ඩෝරා පත්‍රිකාවේ චෝදනා සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට සියලු තොරතුරු ඇතැයි තමාට දන්වා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
මේ ගැන ලිපියක් ඉදිරිපත් කර ඇති බවත්, ඔහු අනිවාර්යයෙන්ම සාක්ෂිවලට කැඳවන්නැයි ඉල්ලා සිටින බවත් වෙදආරච්චි මහතා පැවසීය. ඔහුමෙසේ කීය.
"රන්ජන් රාමනායක දේශපාලන හිරකරුවෙක් හැටියට අද පත්කර තිබෙන්නේ. දේශපාලන පළිගැනීමකට ලක්කරලයි. අඟුණුකොළපැලැස්සට ගෙනත් තිබෙන්නේ රන්ජන් රාමනායක මිනීමරුවෙක් නෙවෙයි. මම අද රන්ජන් රාමනායක බැලුවා. රන්ජන් රාමනායක මට ප්‍රකාශ කළා. එතුමා ළග පැන්ඩෝරා වංචා පත්‍රිකාවේ සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න විස්තර ඔක්කොම තිබෙන බව. එතුමා ඒක ලිපියකින් ඉදිරිපත් කර තිබෙනවා. එතුමා අනිවාර්යයෙන්ම සාක්ෂිවලට කැඳවන්න යැයි කිව්වා. එතුමා සියල්ල දන්නවා කිව්වා. සියලු හඩපට තිබෙනවා කිව්වා. ඒ ගැන මට ප්‍රකාශ කළා. එය ප්‍රකාශ කරන්නැයි මට කිව්වා.”
Comments
Post a Comment
Your comment will be visible after approval