ඉදිකිරීම කටයුතු සදහා භාවිත කරන තීන්ත වයරින් භාණ්ඩ හා අනෙකුත් භාණ්ඩ මිල මෙන්ම මෑතකදී සිමෙන්ති මිල ඉහළ යාම නිසා ඉදිකිරිම් කර්මාන්තය අර්බුදයකට ලක්ව ඇත. විශේෂයෙන් ජීවන වියදම දරාගන්නට බැරි නිසා සේවකයින් සුළු වැඩටත් විශාල මිල ගණන් අය කරන බවත්
ශ්‍රම කුලී ඉහළ යාම නිසා ඉදිකිරිම් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බවත් වාර්තා විය.
ඉදිකිරීම සදහා ගිවිසුම්ගත වීමේදී වෙළද පොළේ පවතින මිල ගණන් සැලකිල්ලට ගෙන ගිවිසුම්ගත වුවත් පසුව සිදුවන වෙනස්කම් සැලකිල්ලට බැරිව යාමෙන් ගනුදෙනු සම්බන්ධ බේරුම් කිරීම දුෂ්කර කාර්යයක් ව ඇතැයිද පැවසේ.
ගිවිසුම්ගත වී අත්තිකාරම් මුදල් ලබාගත් පසු ගිවිසුම් වෙනස්වීම සිදුනොවන නිසා ඉදිකිරීම් නියමිත දිනට භාරදෙන්නට බැරිව යාමෙන් සමහර අවස්ථාවල ප්‍රමාද ගාස්තු පවා ගෙවීමට සිදුවන බවද
වාර්තාවී තිබේ.
සිමෙන්ති මිල ඉහළ යාමට සාපේක්‍ෂව පෙදරේරු කුලිය හා කම්කරු කුලියද ඉහළගොස් ඇති අතර 150,000ට වැඩි පිරිසක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන් මේ නිසා අසරණ වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval