
පළාත් සභා යටතේ පාලනය වෙන, ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ සඳහා පසල් ආරම්භ කිරීමට තීරණය වී තිබෙන අතර ඒ අනුව ඔක්තෝබර් මස 21 වැනි දින පාසල් විවෘත කරන බව සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් දැනුම් දී තිබේ.
අධ්‍යාපන අමාතයංශය හරහා මෙම නිවේදනය නිකුත් කර නැත්තේ ඒවා පළාත්සභා පාලනය යටතේ පවතින බැවිනි. අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන පසුගියදා පැවති රැස්වීමකදී මෙම මාසයේ කුඩා ප්‍රාථිමක පාසල් අරඹන බව කියා තිබුණි.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල්තැන දෙමින් පාසල් විවෘත කිරිමට මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇතැයි ද වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval