
විශිෂ්ට ගණයේ පුරාවිද්‍යාඥයෙකු මෙන්ම ඉතිහාසඥයෙක්ද වන ආචාර්ය ශිරාන් දැරණියගල අද දින අභාවප්‍රාප්ත වූයේය.
1942 මාර්තු 01 දා රත්නපුරයේ දී උපත ලද ඔහු මියයනවිට 79 වන වියේ පසුවිය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ශිරාන් දැරණියගල කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් වාස්තු විද්‍යාව හා සංස්කෘත භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත් අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා තිබේ.
ඔහු 1992 - 2001 වසර 9 ක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශිෂ්ට සේවයක නිරතවිය.
1968 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස්වරයෙකු ලෙස ඔහු මුලින්ම වැඩ අරඹා තිබුණි. කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, පාහියන් ලෙන, අනුරාධපුර ඇතුලු නුවර ආශ්‍රිතව කැනීම්, අවුරුදු 130,000කට පෙර මෙරට වාසය කළ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ කරුණු සෙවීම්, බූන්දල පතිරාජවෙල ආශ්‍රිත පුරාවිද්‍යාත්මක පර්යේෂණ ඔහුගේ ජිවිතයේ විශිෂ්ටතම පර්යේෂණයි.
ඔහුගේ The Pre – History of Sri Lanka කෘතිය මෙරට පුරාවිද්‍යාඥයන්ගේ අත්පොතකි.
Comments
Post a Comment
Your comment will be visible after approval