
පානම අහසේ හඳුනාගත නොහැකි ද්‍රව්‍යයක් පාවූ බව පානම වැසියෝ පැවසූහ. මකුළු දැලට සමාන ද්‍රව්‍යයක් විවිධ ප්‍රමාණවලින් ඉකුත් 2වැනිදා උදේ සිට දහවල් 12 පමණ වනතුරු ඉතා ඉහළ අහසේ සිට පාවී විත් දුරකතන රැහැන්,
ගස්, වෙළෙඳසලවල දැන්වීම් පුවරු වෙත පතිත වී තිබූ බවත් සමහර නූල් අඩි 3කට ආසන්න ප්‍රමාණවලින් තිබූ බවත් ඔවුහු පැවසූහ. මෙම ද්‍රව්‍යය මුහුද දෙසින් පාවී ආ බව ඇතැමකු පැවසූ අතර තව කීපදෙනකු සඳහන් කළේ කැලෑබද ප්‍රදේශ දෙසින් පාවී ආ බවය. මේ සම්බන්ධයෙන් කේ. ගාමිණී සේනානායක මහතා මෙසේ කීය.
“මම දැක්කේ උදේ 10 ට පමණ. ඒ වෙලාවේ මුළු අහසෙම විශාල වශයෙන් විවිධ හැඩවලින් සුදු පාටින් මකුළු දැල්වලට සමාන දෙයක් පාවී විත් විවිධ තැන්වල. දැවටෙමින් තිබුණා. හිතා ගන්න බැහැ මොනවද කියලා." මෙම අබිරහස් මකුළු දැල සම්බන්ධයෙන් බී. පොඩි මහත්මයා මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“මගෙ නිවෙස අසල ගස්වල නූල් විශාල ප්‍රමාණයක් දැවටිලා තිබුණා. ඒත් ඊට පෙර මෙවැනි නූල් ගස්වල තිබුණේ නැති නිසා මම විමසිල්ලෙන් බලනකොට දැක්කේ එක එක ප්‍රමාණවලින් මකුළු දැල් වැනි යමක් ඉහළ අහසේ මුහුද පැත්තේ සිට පාවී එන බව. ඒත් මොනව හරි විෂ ද්‍රව්‍යයක්ද යන බයට මේවා අල්ලන්න ගියේ නෑ. මෙම ද්‍රව්‍ය දහවල් 12 පමණ වනවිට නැතිවී ගියා.” යැයි ද පැවැසීය.
- ප්‍රියනාත් චන්ද්‍රපාල-
Comments
Post a Comment
Your comment will be visible after approval