සෙනසුරාදා රාත්‍රියේ මුම්බායි සිට ගෝවා බලා යාත්‍රා කළ නැවක පැවති සාදයකදී සිදු කළ වැටලීමකදී බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ 23 හැවිරිදි පුත්‍රයා වූ ආර්යන් සහ තවත් 12 දෙනෙකු එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 



අත්අඩංගුවට ගත් අයගෙන් ඛාන්, ඔහුගේ මිතුරු චිත්‍රපට නළුවෙකු වූ අර්බාස්  සහ තරුණියකවූ ධමේචා මුලින්ම අධිකරණයට ඉදිරිපත් කර සඳුදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලදි.
ධමේචා යනු මධ්‍ය ප්‍රදේශ්හි ව්‍යාපාරිකයෙකුගේ දියණියක වන අතර අර්බාස්  දැව ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයකු බව කියවේ තවත් දස දෙනෙකු ඉරිදා ප්‍රමාද වී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ද සඳුදා අධිකරණයට ඉදිරිපත් කෙරේ.13 දෙනාගෙන් තිදෙනෙකු තරුණියන්ය.
ඇතිවූ සිදුවීමෙන් පසු මගීන් 800-1,000 ක් රැගත් කෝර්ඩෙලියා කෘස් නෞකාව මුම්බායි බලා ආපසු හරවන ලදි. සඳුදා උදෑසන එය නැවත නගරයට පැමිණෙනු ඇත.

කොකේන් ග්‍රෑම් 13 ක්, චරා ග්‍රෑම් 21 ක්, එම්ඩීඑම්ඒ පෙති 22 ක් සහ මෙෆඩ්‍රෝන් ග්‍රෑම් 5 ක් සහ මුදල් ලක්ෂ 1.3 කට වැඩි ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව ඉන්දිය ජාතික මත්ද්‍රව්‍ය වැටළීම් ඒකකය පවසයි.

මෙකී වරද සඳහා ඉන්දියාවේ 1985 මත්ද්‍රව්‍ය හා මනෝචිකිත්සක ද්‍රව්‍ය (එන්ඩීපීඑස්) පනත යටතේ වසරක උපරිම දඩුවමක් හෝ රුපියල් 20,000 දක්වා වැඩි කළ හැකි දඩයක් නියම කෙරෙන බව දැක්වේ.

ඉරිදා සවස 4 ට අත්අඩංගුවට පත්වූවන් ජේජේ රෝහලේදී වෛද්‍ය පරීක්ෂණය සඳහා රැගෙන යන ලදී. ඛාන් කළු ටී ෂර්ට් එකක් සහ තොප්පියක් පැළඳ සිටි අතර මුහුණු ආවරණයක් පැළඳ සිටියේය.

ඔවුන් විනාඩි 40 ක් තුළ නැවත අධිකරණයක් වෙත ඉදිරිපත් කරන ලදී.
වැටලීම සිදුවන අවස්තාවේ ඛාන් සන්තකයේ කිසිදු නීතික නොවන ද්‍රව්‍ය තිබී සොයා ගැනීමට නොහැකි වූ නමුත් ඔහු සමග සිටි අයගේ සපත්තු වල චරා කුඩා ප්‍රමාණයක් තිබී සොයා ගත් බවත් ඔවුන් දෙදෙනා යාත්‍රාවේ නැව් තටාකයේ කාමරයක් බෙදා ගනිමින් සිටි බවත් බලධාරීන් දන්වා ඇත.

අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන්නේ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් සමග ඛාන් නිරන්තරයෙන් චැට් කළබවට වට්ස්ඇප් පණිවිඩ තිබී හමුවූ බවයි.
මේ අතර සංචාරය සැලසුම් කළ නැවි සමාගම වන වෝටර්වේස් ලෙෂර් ටුවරිස් පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කෝර්ඩෙලියා කෘෘස් කිසිඳු ආකාරයකින් හෝ සෘජුවම මෙම සිද්ධියට සම්බන්ධ නැති බවයි.

 23 හැවිරිදි ආර්යන් ඛාන් ෂාරුක් ඛාන්ගේ වැඩිමල් දරුවාය. ආර්යන් ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවෙකි. ෂාරුක් ඛාන් සහ බිරිඳ ගෞරි ඛාන්ට ආර්යාන්ට අමතරව  21 හැවිරිදි දියණියක ද අට හැවිරිදි පුතෙකු ද සිටී.
(ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඇසුරිනි -Gossiplankanews.com)