අද අපි ආවෙ one and only ඔටාරා හම්බුවෙන්න .....ඔටාරාගේ නම මීට කලින් කොහේදී හරි දැකල තියෙනවද ඔටාරට ඇරෙන්න...?
 "නැහැ කලින් දැකලා නැහැ නමුත් මට වඩා දැන් බාල අයගෙත් සමහරක් නම් තියෙනවා ඔටාරා කියලා...."

●ඔටාරගේ ගම කොහෙද ...?
                                                     "මම ඉපදුනේ කොළඹ...කොළඹ පහ...වැඩි හරියක්ම කොළඹ තමයි ජීවත් වුණේ...ඇමරිකාවේ අවුරුදු හතරක් වගේ කෙටි කාලයක් හිටියා..ගොඩක් ම  කොළඹ තමයි මම ජීවත් වුණේ...."

●ඉස්කෝලෙ ගියෙ කොහෙද...?
                                   "කොළඹ කාන්තා විදුහල..."

●ගෙදර කවුරු කවුරුද හිටියෙ...?
                                         "මට අයියලා දෙන්නෙක් ඉන්නවා...එක අයියා කෙනෙක් ජෝන් කීල්ස් වල තමයි දීර්ඝ කාලයක් හිටියේ deputy chairman හැටියට...මගේ අනිත් අයියට marketing company එකක් තියෙනවා...."



●අම්මයි තාත්තයි මොනවද කළේ...?
                                     "අම්මට ඉස්කෝලයක් තියෙනවා special children සමග...දැන් අවුරුදු පනස් පහක් මම හිතන්නේ තාමත් ඒක කරනවා අම්මට අවුරුදු අසූ හතයි....තාත්තා ජීවතුන් අතර නැහැ..තාත්තා නැති වෙලා අවුරුදු දොළහක් විතර ...."

●පවුලේ බාලයා කියන්නේ  දඟ මල්ල එහෙමද ඔටාරත් ....?
                                        "ඔව් ටිකක් ඒ වගේ ...මම ගොඩක් වෙනස් විදියට ජීවත් වුණේ ...මම ගොඩක්ම ආස කළේ ගෙයින් එළියේ ගහකොළත් එක්ක ජීවත් වෙන්න....ගස් නගින්නත් පුළුවන් මම ඉස්සර ලොකු අඹ ගස්  වල මම නගිනවා....එහෙම නගින කොට මට හිතෙනවා මම සත්තු සමග ලං වෙලා ඉන්නේ කියලා...."

●එහෙම වෙලා වැටිච්ච වෙලාවල් නැද්ද...?
                                              "එහෙම වෙලා තියනවා...නමුත් ගොඩ උසකින් නෙවෙයි..."

●අයියලත් ඔය දේවල් වලට support කරනවා ද..නැත්නම් ඔයාට බනිනවද.. ?
                                          "ඒගොල්ලො දන්නවා ඒ මගේ හැටි කියල...අම්මයි තාත්තයි ගොඩක් මට support  කරා ඒ වගේ දේවල් කරන්න එපා කියලා කවදාවත් කිව්වෙ නැහැ ....මගේ කැමැත්ත අනුව ජීවත් වෙන්න මට ඉඩ දුන්නා ..."

●පවුලේ වැඩියෙන්ම දඟ කවුද..?
                                        "මං හිතන්නේ මම වෙන්නැති..."
●ඉස්කෝලෙදි ඔටාරා සාමාන්‍යයෙන් වැඩිපුරම දක්ෂ වුණේ මොකටද ?
                                                       "ඉස්කෝලේ වැඩියෙන්ම දක්ෂ උනේ ක්‍රීඩා වලට...මම කඩුලු පැනීම ,උස පැනීම  තමයි මම වැඩිපුරම කළේ ඒකට තමයි මම ගොඩක්ම දක්ෂ...මම ගොඩක්ම compitition වලට සහභාගි වුණා...පාසල ටයි මම ලංකාවටත් participate කලා...තුන් සැරයක් විතර ඉන්දියාවටත් ගියා ඊට පස්සේ මෙහෙ  compitition තියෙන කොට ඒවට සහභාගි වුණා ...."

●ඉන්දියාවට ගිය මොන ඉසව්වට...?
                                                "ඒකත් කඩුළු පැනීමයි ,උස පැනීමයි වලට ..."
●දිනුවද...?
                                                   "මට මතක නැහැ ඇත්තටම....කඩුලු පැනීම දින්නද කොහෙද...?
●එතකොට තව මොනාද අනෙක් පැති වලින්...?
                                                      "ඊට පස්සේ මම නැටුම් වලට දක්ෂ වුණා...බැලේ තමා කළේ...මම ඒකෙ ගොඩක් නාට්‍ය වලට සහභාගි වුණා....swimming  කලා.... මම වැඩියෙන් ම දක්ෂ උනේ ඇත්තටම ක්‍රීඩා වලට ....ඉගෙන ගන්න එච්චර දක්ෂ වුණේ..."

●ඉගෙන ගන්න කැමති නැති වුණාට අවශ්‍ය දේ ඉගෙන ගත්ත නේද..පිටරට ගිහිල්ලා මොනාද ඉගෙන ගත්තෙ...?
                                                    "විද්‍යාව..biology...."
●ඇයි biology තෝර ගත්තෙ....?
                                             "ඇත්තටම මගෙ පොඩි කාලෙ ඉඳන් තිබ්බ සත්තු ගැන මොනවා හරි දෙයක් කරන්න...මගේ ලොකුම කැමැත්ත තිබ්බේ විද්‍යාව ඇත්තටම...ඒගොල්ලො ගැන ඉගෙනගන්න ඒගොල්ලන්ගෙ ජීවිත ගත කරන විදිහ ඉගෙන ගන්න  ඒ දේවල් තමයි ලොකු ම කැමැත්ත තිබ්බේ නමුත් ජීවිතය පොඩ්ඩක් වෙනස් විදිහකට ගියා ..."

●marcketing  පැත්තෙන් financel පැත්තෙන් high studies කරල නැද්ද...?
                                          "නැහැ මම කරලා නැහැ ...."
●විවිධ වෙනස් පැත්තට ගිය හැටි මම එතනින් අහන්නං ...එතකොට කොහොමද ව්‍යාපාරිකාවක් උනේ...?
                                                       "ඒ වගේ subject  ඉගෙන ගත්තෙ නැති වුණත් කරන්න පුළුවන්...."



●odel ද ඔටාරාගේ පළවෙනි bussiness  එක ...?
                                              "මම degree එක අරගෙන ලංකාවට ආවට පස්සේ අන්තිම අවුරුද්ද ඇතුලත මං මොඩ්ලින් කරන්න පටන් ගත්තා....එහෙදි තමයි පටන් ගත්තේ නමුත් මෙහෙ තමයි මම වැඩි හරියක්ම කළේ....ඊට පස්සේ මෙහෙ shows කරන්න පටන් ගත්තා....ඊට පස්සේ මට ඒකට ලොකු කැමැත්තක් ඇති වුණා...."

●ඉස්කෝලේ යන කාලේ පාසල් කුමරිය තෝරන ඒවට වත් ගිහිල්ලා නැද්ද...?
                                                       "නැහැ...මම මොනවත් කලේ නැහැ...ඇත්තටම ඒ දේවල් වලට මගෙ කැමැත්තක් තිබ්බෙ නැහැ...?

●modling කරන්න ඉඩ හම්බුවෙච්ච එකෙන්ද විලාසිතා පැත්තට ආවෙ ...?
                                              "මම හිතන්නේ එතනින් නම් කැමැත්තක් ඇති වුණා ... ලංකාවේ ඒ කාලේ තමයි ගොඩක්ම factries ප්‍රසිද්ධ වුණේ...ලංකාවේ ගොඩක් ඇඳුම් හැදුවා එක්ස්පෝට් කරන්න...එතකොට තමයි මම ඒ factries  වලට ගිහිල්ලා stock අරගෙන මම විකුණන්න පටන් ගත්තේ ....ඇත්තට ම මගේ තාත්තා තමයි ODEl කියන නම හැදුවේ...මගේ නම ඔටාරා ඩෙල්  ඒ නිසා  ඔඩෙල් තමයි තාත්තා හැදුවේ ....."

●ඔයා ඇමරිකාවේ යනවා සත්තුන්ට තියෙන කැමැත්තත් එක්ක හැබැයි අන්තිමට ලංකාව හොල්ලන බිස්නස් එකක් පටන් ගන්නවා ඇදුම් පැත්තෙන් ඒක ජාත්‍යන්තර සන්නාමයක් බවටත් පත් වෙනවා  ව්‍යාපාරයක් විදියට එතකොට සත්තුන්ට තියෙන ආසාව සහ ආදරය චුට්ටක් මගහැරුණද ...?
                                                        "ඇත්තටම මම පටන් ගත්තේ ටී ෂර්ට් හදන එක...ඇත්තටම මම ඒක කළේ වනජීවී එකෙන් ප්‍රොජෙක්ට් එකක් තිබ්බා  අලි සම්බන්ද  ඒගොල්ලන්ට සල්ලි දෙන්න තමයි ඇත්තටම මම ඒක පටන් ගත්තෙ...ඊට පස්සේ මම factries වලට ගිහිල්ලා stock අර ගැන මගේ යාලුවන්ට සහ දන්න අයට  අනෙක් අලෙවිසැල්  වලට ගිහිල්ලා විකුණලා  එතනින් තමයි ඇත්තටම පටන් ගත්තෙ ...ඉස්සෙල්ලම මම කලේ wholesale මගේ කාර් එකේ බඩු දාගෙන ඊට පස්සේ  shop වලට wholesale කලා..."

●එහෙම පටන් ගත්ත ODEL කොච්චර ජනප්‍රිය උනාද,කොච්චර සාර්ථක වුණාද කියලා අලුතෙන් කියන්න ඕන වෙන්නේ නැහැ....ඒ කියන්නේ ඒක හින්දා ඔටාරා කෝටිපතිනියක් වුණා නේද ...කොච්චර කාලයක් ගියාද ඒ බ්‍රෑන්ඩ් එක හැදෙන්න ...?
                                                 " ඇත්තටම මම පටන් ගත්ත දවස් වලම වැඩි කාලයක් ගියේ නැහැ පොඩි ව්‍යාපාරයක් තියෙන කොටත් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබ්බේ..."

●ඒ විදිහට ගත්ත  brand  එක ඇයි වික්කෙ...?
                                               "අවුරුදු විසිපහක ගොඩක් පොඩි ව්‍යාපාරයක්  ඉදන් පටන් අරගෙන පොඩියට පටන් අරගෙන ගොඩක් මහන්සි වෙලා ලොකු ව්‍යාපාරයක් බවට පත් කළා ....නමුත් මගේ හදවතේ තිබ්බ සතුන් වෙනුවෙන් පරිසරය වෙනුවෙන් කරන්න කැමති දේවල් එක කවදාක්වත් ගියේ නැහැ ඒක හැම තිස්සෙම තිබ්බා....මට එක වෙලාවකදි හිතුනා දැන් ඇති කියලා ...."

●ඔටාරට ඒකේ shares තියනවද..?
                                                      "නැහැ....මම ඒ කොටසත් වික්කා....2014 මම ඒක විකුණනකොට ඔක්කොම විකුණුවා ..."
●දැන් ඔඩෙල් කියන්න එපා රට අතීතයක් විතරයි ..?
                                                  ''memorie එකක් විතරයි..."
●ODEL දකිද්දී මොකද ඔයාට හිතෙන්නේ...?
                                                 "දැන් ඉතිං අවුරුදු හතක් විතර වෙලා ....ඇත්තටම දැන් ඒක දිහා බලනකොට මට හිතාගන්නත් බෑ මමයි ඒක කළේ කියලා....ඒක කවදාවත් අමතක කරන්න බැහැ .....මගේ මුළු ජීවිතයම එතන තමයි ගත කළේ....අවුරුදු 25 ක් ම මම ගත ගතකළේ එතන මගේ ළමයි වුණත් ලොකු උනේ එතන....ඒ වගේ ගොඩාක් හොඳ memories තියනවා....ඇත්තටම මම ඒ තීරණ ගන්නකොට හිතුවේ කවදාවත් ආපහු පිටිපස්ස බලලා  මම කලේ වැරැද්දක්  ඇයි මම ඒක කළේ කියලා ඒ වගේ ප්‍රශ්නයක්  අහන්නැති විදියට තමයි මම හිතුවේ ඒ තීරණය ගන්නවනං ගන්න ඕනේ කියලා...."

●ඔටාරා නිර්මාංශිකයිද...?
                                               "ඔව්....පොඩි කාලේ ඉඳලා නෙමෙයි හුඟ කාලයක් මම හරක් මස් ඌරු මස් එළු මස් කෑවේ නැහැ ....ලඟදි තමයි අනිත් ඒවත් අඩු කරල  අයින් උනේ ...."



●දරුවන් සැමියා ගැන මොනවද කියන්න තියෙන්නේ ...?
                                            "මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ...ඒගොල්ලොන්ට දැන් වයස අවුරුදු 27 යි 21 යි..ලොකු එක් කෙනාගේ නම කිරණ් පොඩි එක්කෙනා රාකිල්...ලොකු පුතා මියුසික් business එකක පොඩි වැඩ...අනිත් පුතා තාම ඉගෙන ගන්නවා ...."

●එතකොට ඔටාරා චන්දිරම් ද ,ඔටාරා ගුණවර්ධන ..?
                                           "මගේ ඔක්කොම facebook ,instragram,ඔක්කොම  යන්නේ ඔටාරා ඩෙල් ගුණවර්ධන ... එයාගේ නම රාජ චන්දිරම්...දැන් අපි ගොඩ කාලයක් එකට නැහැ ...ගොඩක් කල් මම හිතන්නේ අවුරුදු දාසයක ට ත් වඩා වැඩියි ...නමුත් අපි ඔක්කොම එකමුතුයි පුත්තු දෙන්නා වෙනුවෙන් කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ...අපි වෙන් වුනාට ඒගොල්ලන්ට ඒක දැනෙන්න දුන්නෙ නැහැ ලොකු වෙනකන්ම අපි ඒගොල්ලන්ව බලා ගත්තා..... "

●ඔටාරා ඒ කාලෙත් ඇත්තටම busy නේ,අම්මා කෙනෙක් විදිහට පුත්තු දන්නා ලගින් ඉන්න පුළුවන් උනාද අවශ්‍ය වෙලාවට....?
                                       "ඇත්තම කියන්න ඕනෙ මම ව්‍යාපාරය කරනකොට මට පිටරටවල් වලට යන්න වුණා...අම්මයි තාත්තයි තමයි ගොඩක් support  එක දුන්නෙ....මම දැනගත්තා ඒගොල්ලො මගේ පුත්තු දෙන්නව හොඳින් බලා ගන්නවා කියලා .....නමුත් මම පුළුවන් තරම් උත්සාහ කළා ඒ ගොල්ලොත් එක්ක කාලය ගත කරන්න...."

●අඳිද්දි පළඳිද්දී වර්ණ ගැන ගොඩක් හිතනවා නේද ...?
                                              "ඔව් ඒක automatically වෙනවා ...."
●උදාර සාමාන්‍යයෙන් social platform කීයක ඉන්නවද...?
                                          "Face book, instergram,twitter අලුතින් මම tik tok පටන් ගත්තා...මම මාස ගානක් හිතුවා ඒවා කරන්නෙ නෑ කියල නමුත්  නෑ මම පටන් ගන්න ඕනේ කියලා හිතුවා ...."

●දැන් මොනවද කරන ව්‍යාපාර ...?
                                               "Embark තමයි ගොඩක් කරේ ඒ කියන්නේ සුනඛයන් ව බලා ගන්න එක සහ සලකන එක hospital  වලට දාලා threat කරනවා...december වල මම ව්‍යාපාරයක් පටන් ගත්තා hooviya කියලා ...අපි ඒකෙන් කුඩා කර්මාන්ත වලින් හදන ඒවා විකුණනවා...ගෙදර ස්වයං රැකියා කරන අයට platform එකක් ඒව විකුණන්න ....."

●එක පැත්තකින් ගත්ත හමු ඔටාරා කියන්නේ ව්‍යාපාරිකාවක්,අනිත් පැත්තෙන් ගත්තහම සමාජ සේවිකාවක් ,සතුන්ට ආදරය කරන සත්ව අවිහිංසා වාදිනියක්..හැබැයි මේ රටේ ඔටාරා හරි ජනප්‍රියයි...ඒ ජනප්‍රියත්වය ඔබට දැනිලා තියෙනවද....?
                                              "ඔව් මම හිතන්නේ ...."
●ජීවිතය ජය ගන්න කෙනෙක්ට දෙන්න කිව්වොත් පණිවිඩයක් මොකක්ද ඔබ කියන්නේ ...?
                                                  "මං හිතන්නේ මට තේරෙන විදිහට මගෙන් ඉස්සෙල්ලත් ඇහුවා marketing  කරලාද එක එක courses කරලද කියලා ...එකම දේ හැමෝටම උගන්වනවා නේ හැමෝම එතකොට එකම විදියට ඉන්නේ...ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නෙ නැතුව...අපේ talent  එකෙන් අපිම කරහම  වෙනසක් විදිහට පේන්නේ....කොච්චර courses කලත් තමන් තමන් වෙන්න අවශ්‍යයි ....නැත්තං ඔක්කොම වෙන්නේ එකම විදිහකට දාස් ගනන් එක විදිහට train කරලා එලියට එවන්නෙ ඉතිං ඔක්කොමල යන්නේ එකම විදියට ...."

සාකච්ඡාව - හරින්ද්‍ර ජයලාල්