ගුරු - විදුහල්පති විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව අවට රථවාහන තදබදයක් හට ගෙන ඇතැයි සවස වාර්තා විය.
ගුරු - විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් එම විරෝධතා පාගමන සංවිධානය කර තිබූ අතර අද මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් දන්වා සිටියේ පාසල් යන ගමන් විරෝධතා වැඩසටහන අද සිට යළි අරඹන බවත් පාසල් නිමවා කිසිදු අමතර වැඩක් නොකරන බවත්ය.
ඒ අනුව ඉදිරි දිනවලදීද සිය ඉල්ලීම් වෙනුවෙන් නිර්භීතව පෙළ ගැසෙන බව ගුරු සංගමයේ ජොෂප් ස්ටාලින් මහතා පවසා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval