දින කීපයකට පෙර මිය ගිය බවට සැකකරණ බිළිදියකගේ මළ සිරුරක් හලාවත – ඉරණවිල මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී අද (21) පෙරවරුවේ සොයා ගෙන තිබුණි.
ඉරණවිල ප්‍රදේශයේ පවත්වා ගෙන යන මා දැල් වාඩියක සේවකයෙකු විසින් මුලින්ම මළ සිරුර දැක ඒ බව හලාවත පොලීසියට දැනුම් දීමට කටයුතු කර ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ පසුගිය මීගමුව – දුන්ගාල්පිටිය පදිංචිව සිටි තමාෂා රොසේලි යන අය බවට හඳුනාගන්නා ලදි.
මිය ගිය බිලිඳියගේ වයස වයස අවුරුදු අවු:2 ½ ක් පමණ වන අතර පසුගිය 18 වැනිදා සවස 5.00 ට පමණ තම දියණිය අතුරුදහන්වී ඇති බව ඇයගේ මව්පියන් දුන්ගාල්පිටිය පොලීසියට පැමිණිළි කර තිබුණි.
දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිවී රහස් පොලීසියද පරීක්ෂණයක් සිදු කරන ලදි.
අතුරුදහන්වන විට දැරිවිය ඩෙනිම් කොට කළිසමක් සහ සුදු පැහැති ටී ෂර්ටයක් ඇඳ සිටි නමුත් හමුවී ඇති සිරුරේ සුදු පැහැති ටීෂර්ට් එක්ක තිබෙන නමුත් කළිසම හෝ යට ඇදුම් තිබුනේ නැත.
සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර තිබේ.
හදුනා ගැනීමට නොහැකි වන ලෙස සිරුර වෙනස් වී ඇති අතර,ශරීරයේ ඇතැම් කොටස්ද නොමැති බවක් දක්නට ලැබී තිබේ.
දැරිය කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් මේ ආකාරයට මුහුදට දමන්නට ඇති බවට සැක කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval