dr-prasanna-gunasena-resigns

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සෞඛ්‍ය ඇමතිවරයා සමග පවතින මතභේද හේතුවෙන් ඉල්ලා අස්වනු ඇති බවට මින් ඉහත මාධ්‍ය වාර්තා පළවූ අතර මේ සම්බන්ධ නිහඩ පිළිවෙතක සිටි වෛද්‍යවරයා අද දින ජාතික පුවත්පතකට සිය ඉල්ලා අස්වීම ගැන පැහැදිලි කර තිබේ.



රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ දිගින් දිගටම වගකීමෙන් තොරව එල්ල වන චෝදනා සහ විවිධ ගැටලුකාරී ප්‍රශ්නවලට අනවශ්‍ය ලෙස මුහුණදීමට සිදුවන නිසා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක්වී ඇති බවයි.
නිලධාරීන්ට රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් නොමැතිවීම නිසාත් ඇතැම් කණ්ඩායම් සිදුකරන ක්‍රියා හේතුවෙනුත් සෞඛ්‍ය ගැටලු සමග රාජකාරි කටයුතු කිරීමට අපහසු තත්ත්වයක් ඇති වන බව ඔහු කියා තිබේ.

සිය රාජකාරි කටයුතුවලට දේශපාලන බලපෑම් සෘජුව එල්ල නොවූවද යම් වැඩකටයුතු කිරීමේදී ඇතැම් පාර්ශ්වයන් දේශපාලනඥයන් මගින් මාධ්‍ය යොදාගෙන අවුල් වියවුල් ඇතිකරන බවද චරිත ඝාතනවලට ලක්වෙමින් අනවශ්‍ය පීඩනයක් දරාගෙන තනතුරේ සිටීමේ අවශ්‍යතාවයක් නැති බවද සභාපතිවරයා කියා තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හොරෙකු බවත් ඔහු එම ධුරයෙන් ඉවත් කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පසුගියදා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර

එම චෝදනාව ප්‍රතික්ෂේප කරන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන එම චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කරන ලෙසත් පුවත්පත වෙත අදහස් පළකරමින් ගුණසේන මහතා කියයි.
 තමන් ඉල්ලා අස්වන්නේ තාවකාලිකව බව ද  හෙතෙම සඳහන් කර තිබේ.