නාවලපිටිය, ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදිවන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයාබැලීමට අද (12) එම ස්ථානයට ගිය නාගරික මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ. එම ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයාබැලිමට නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති, ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා, නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත පැමිණ තිබුණි.
එම අවස්ථාවේ ක්‍රිඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව විසින් වසාදමා තිබූ බව පැවසේ.
සසංක සම්පත් සංජිව මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිස ක්‍රිඩාංගණය අසල රැඳී සිටියදී එම ස්ථානයට නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතා, ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සහ ආධාරකරුවන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ තිබුණි.
එහිදී නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපතිවරයා සහ විපක්ෂ පිරිස අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය.
ගුටිබැට හුවමාරුව පාලනයකිරීමට නාවලපිටිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ තිබුණි.
එම ගැටුම සම්බන්ධයෙන් අදාළ පාර්ශව දෙක විසින්ම නාවලපිටිය පොලීසියට පැමිණිලි කර තිබේ.
ගැටුමෙන් පසුව ජාතික සමගි ජන බලවේගයේ ආධාරකරුවන් තිදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් වී ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුරට පරික්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval