ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසළ අද දිනයේ දිගු පෝලිම් දක්නට ලැබුන අතර ලංකා අයිඕසී ඉන්ධන මිලට වඩා අඩුවෙන් සිපෙට්කෝ ඉන්ධන මිල පැවතීම එයට හේතුවිය.
ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීම නිසා තමන්ටද ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසයි.
ඔහු පවසන්නේ රුපියල් 5ක මිල වැඩිවීමක් තම සංස්ථාවට ප්‍රමාණවත් නොවන බවයි.
අයි.ඕ.සී. මිලට සමගාමීව සිපෙට්කෝ මිල ද වැඩි වීමක් සිදුනොකළ හොත් ඉන්ධන බෙදා හැරීම අත්හිටුවමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව ලංකා අයි.ඕ.සී බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති, කෝසල විදානාරච්චි පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval