ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් සෙවීම සඳහා සර්වපාක්ෂික හමුවක් නාරාහේන්පිට අභයාරාමයට රැස්වී තිබෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සභාපති මෛත්‍රීපාල සිරිසේන, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස,
හිටපු කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් ඇතුළු දේශපාලනඥයින් මීට එක්වී තිබේ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර සෙසු සියලු පක්ෂ රැසක නායකයින් මීට එක්ව ඇත.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වය පරිදි ගුරු – විදුහල්පති වැටුප් විෂමතා සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ වන විට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මෙම සර්ව පාක්ෂික සමුළුවේදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ.