බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ (බ්‍රිටිෂ් එයාර්වේස්) ගුවන්යානා තුළ ගමන් ගන්නා මගීන් සදහා අමතීමේදී 'නෝනාවරුනි මහත්වරුනි (Ladies and Gentlemen) යන ආමන්ත්‍රණය අත්හැරීමට එම ගුවන් සමාගම යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.  මෙම ඇමතීම හරහා ගුවන්යානයේ සිටින මගීන් තුළ යම් වර්ග කිරීමක් නිරූපණය වන බවත්, 

ගුවන්යානයේ සිටින ස්ත්‍රී - පුරුෂ සහ ලොකු කුඩා මගීන් සම්බන්ධයෙන් සමානාත්මතාවක් පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් එම සමාගම සඳහන් කරයි.

සාමාන්‍යයෙන් මගී ගුවන්යානයක් සිය පියාසැරිය ආරම්භ කිරීමට පෙරාතුව එහි නියමුවන් විසින් මගීන් ආමන්ත්‍රණය කිරීම සම්ප්‍රදාය වෙයි. එහිදී මගීන් සදහා යොදාගන්නා ඇමතීම වන්නේ මෙම 'සවන් දෙන්න, නෝනාවරුනි මහත්වරුනි” යන්නයි. බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවය මෙම යෝජනාව ක්‍රියාත්මක කළහොත් අද වනවිට එම ආමන්ත්‍රණය සිදු නොකරන ගුවන් සමාගම් අතරට පත්වීමට නියමිතව තිබේ. ජර්මනියේ Lufthansa, EasyJet සහ කැනඩාවේ AirCanada යන ගුවන් සමාගම් මෙලෙස ස්ත්‍රී-පුරුෂ සඳහනක් නොමැති ආමන්ත්‍රණයක් පවත්වාගෙන යන අතර. 'සවන් දෙන්න, සියලුම ගුවන් මගීනි” යන්න එම ආමන්ත්‍රණය බවද පැවසෙයි.