peradeniya-university

ලක්ෂ ගණනක මුදල් වංචාවක් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ වැඩතහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලක සභාව පියවර ගෙන ඇත.  මේ සම්බන්ධව කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩි.ළමාවංශ මහතා පවසා සිටියේ, 





විශ්වවිද්‍යාලයේ මූල්‍ය අවභාවිත වී තිබෙන සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධව පරික්ෂණ සිදු කරනු ලබන බවත්ය.රජය මගින් විශ්වවිද්‍යාලවලට වෙන් කරන මුදල් විධිමත් අධ්‍යාපනයක් ලබාදී රටට වැඩදායි පිරිසක් සමාජගත කිරීම අරමුණු කර ගනිමින් විනිවිදභාවයකින් යුතුව වැය කළ යුතු බවත්,

මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් තමන් දැඩිව ක්‍රියා කරන බවත් උපකුලපතිවරයා සඳහන් කළේය.මෙම පරික්ෂණ ආරම්භ වීමත් සමග එම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා වැඩ තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලක සභාව පියවර ගෙන ඇත. විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා දෙපාර්තුමේන්තුවී වැඩකටයුතු සදහා පවත්වාගෙන ගිය බැංකු  ගිණුමකින් රුපියල් ලක්ෂ 27ක පමණ මුදලක් අවභාවිත වී තිබෙන බව අනාවරණය වී තිබෙන අතර,

ඒ සම්බන්ධ පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබේ. මීට අමතරව ශාරීරික අධ්‍යාපන දෙපාර්තුමේන්තුව සඳහා ක්‍රීඩා භාණ්ඩ මිලට ගැනීමේදී විශාල අක්‍රමිකතා සිදුව තිබෙන බව හෙළිව ඇති අතර,

ඒ සඳහා මිලදී ගත් මේස පන්දු මේස හයක් සඳහා මුදල් ගෙවීම් සිදු කර තිබුණත් එම භාණ්ඩ විශ්වවිද්‍යාලයට ලැබී නොමැති බවද අනාවරණය වී ඇත.ශාරීරික අධ්‍යාපන දෙපාර්තුමේත්තුවේමෙ සේවකයෙකුගේ නමට ලියාපදිංචි කර මෙම භාණ්ඩ මිලට ගෙන ඇත්තේ විධිමත් ලියාපදිංචියක් ඇති ක්‍රීඩා භාණ්ඩ අලෙවි ආයතනයකින් නොවන බවද වාර්තා වන අතර,ඒ සම්බන්ධයෙන්ද පරික්ෂණයක් අරඹා තිබේ.

(චමල් රූපසිංහ)