johnston-speaks

මාහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  මාතලේ  පල්ලේපොල නගරයේ පැවති උත්සවයකට එක් වෙමින් මෙසේ කියා තිබේ.

‘ විපක්ෂනායකතුමා වැක්ෂින් එක ගහන්නේ නැ කිව්වනේ. නෝනාගේ සැලුන් එකෙන් කෝවිඩ් හදාගත්තා. ජනතාව කියනවානේ හොදම බෙහෙත් එක ෆයිසර් කියලා අපි ඒකම විපක්ෂ නායකතුමාට ගැහැව්වා මොකද එතුමා හැමදාම විපක්ෂයෙන් ඉන්න ඕනේ නිසා.



නමුත් එතුමට ඔය තියෙන පිස්සුවට බෙහෙත් නෑ අපි ගාව.පෙත්ත ගහන්නේ නැති දාට තමයි එතුමා පාර්ලිමේන්තුවේ හිටගන්නවා.

අපි ජනතාවට කියනවා තමුන්නාන්සෙලා බලාපොරොත්තු වුනු රට අපි හදනවා. මේ තියෙන්නේ පොඩි ප්‍රශ්න, කිරි ප්‍රශ්නය,ගෑස් ප්‍රශ්නය ඊළගට වී මිල, හාල් මිල මේවා ඔක්කොම කොවිඩි වසංගතය නිසා විවිධ පාර්ෂවයන් විසින් නැත්තම් කළු කඩ කාරයෝ විසින් හදපු ප්‍රශ්න.

විපක්ෂය හිතනවා නම් තාවකාලික ප්‍රශ්න වලින් ආණ්ඩුවක් වට්ටන්න පුලුවන් කියලා ඒක හීනයක්.

අපිට නෑ මහ බැංකුව හොරාකෑවා කියලා ස්ථිර ප්‍රශ්න. මතු පරම්පාරා 100 ක් ජිවත්වෙන මිනිස්සුන්ට අමතක වෙන්නෙ නෑ මහ බැංකු හොරකම.



ඔය ගිහිල්ලා වැස්සේ තෙමි තෙමි හිටියට මිනිස්සු දන්නවා වැස්සේ තෙමෙනකොට ලේවලත් තියෙන්නේ මහ බැංකුවේ සල්ලි කියලා ප්‍රේමදාස මහත්තයලගේ.

ඒ නිසා අපි කියනවා මේ රටේ ආර්ථිකය වැටෙන්න දුන්නේ නැ අපි. ජනාධීපතිතුමා ගත්තු තින්දු අතරේ සරල බදු ක්‍රම හින්දා තමයි අද වුනත් මේ රටේ ආර්ථිකය රැකිලා තියෙන්නේ. අපි කියනවා ජනතාවට ජනතාවගේ විශ්වාසයෙන් ඊලගට තියන හැම ඡන්දයක්ම අති විශිෂ්ඨ ලෙස ජයග්‍රහනය කරනවා කියලා.‘