Monday 1.45pm update
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මිල වැඩි කළ ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කරන ලද බව අද දහවල් නිවේදනය විය.
කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පහත දමා ඇත.
ඒ අනුව නව මිල :
12.5 kg – 2,675/= 5kg – 1,071/= 2.3kg – 506/=
Sunday 10pm update
ඔක්තෝබර් 10 ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම දැනුම් දී තිබේ.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2750කි.
කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින්ද කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 231කින්ද ඉහළ දමා ඇති අතර ඒ අනුව පිළිවෙලින් ඒවා රුපියල් 1101ක් හා රුපියල් 520ක් වනු ඇත.
ගෑස් මිල ඉහළදැමීම සම්බන්ධයෙන් ලාෆ්ස් සමාගම තවම දන්වා නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval