ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ළහිරුගේ යූටියුබ් නාලිකාවට එක්වෙමින් මෙසේ කියා තිබේ.

බොහොම මෑත කාලෙකම මාත් දුවත් රට ඇරල යයි. දුව අධ්‍යාපනය ලබන්නෙ පිටරට යුනිවර්සිටි එකක මේ රටේ ඉඳන් දැනට කරන්නේ නවලෝක කොලෙජ් එකේ එයා මෙඩිසින් කරන්නෙ.


මට කැමරාවක් රඟපෑමක් නැතිව ඉන්නත් බැහැ. ඒත් දුව වෙනුවෙන් බලන්න තීරණය කලා. මං යයි එයි. එයාගෙ වැඩිදුර අධ්‍යාපනය සඳහා යන්න හිතනවා.
මං මගේ රටට රටේ මිනිස්සුන්ට ආදරේ නිසා දැනට රට අතෑරලම යනවද කියල ආපහු හිතනවා.
දුව වෙන කෙනෙක් කසාද බැන්දාම මං තනිවෙන් නැහැ.
මාත් කසාදයක් බැඳල පැත්තකට වෙන්න පුළුවන්නෙ..(සිනා)

රටේ වත්මන් තත්වය හේතුවෙන් තමන්ගේ රූපලාවණ්‍යාගාරයද පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බව මෙම සාකච්ඡාවේදී ඇය පැවසුවාය.