වයස අවුරුදු 15 ට වැඩි පාසල් දරුවන්ට කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාදීම අනිද්දා සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පැවසුවේය.


පාසල් ආරම්භ කිරීමට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වී දෙමව්පියන් දරුවන් මෙන්ම ගුරුවරුන් එක්ව පාසල් ආරම්භ කිරීමේ පෙරහුරුවක් සිදු කිරීම සුදුසු බව සෞඛ්‍ය අංශ පවසයි.
එමෙන්ම පාසල් ආරම්භයට පෙර ප්‍රවාහන ආයතන විසින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද දන්වා ඇත.
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ඇති වූ බාධාවන් ඔස්සේ දරුවන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යයට බලපෑම් එල්ල කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා අග්නි දිග කලාපීය රටවල පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව සූම් තාක්‍ෂණය ඔස්සේ ඊයේ ආරම්භ වූ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
 පාසල් ආරම්භය හා කොරෝනා එන්නත ගැන වෛද්‍ය හේමන්ත හේරත් දැක්වූ අදහස් වීඩියෝව පහතින්