bellanvila

බෙල්ලන්විල රජ මහා විහාර භූමියෙහි තිබී අද පෙරවරුවේ ජීව අත්බෝම්බයක් හමුවී තිබෙයි.



පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ විහාර භූමිය පවිත්‍ර කරමින් සිටි පුද්ගලයෙකුට අද පෙරවරුවේ මෙම අත්බෝම්බයක් හමුවී ඇති බවයි.

එය තවමත් ජීව තත්වයේ පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම අත්බෝම්බයේ කොටස්වලට මල බැඳී තිබුණු බවත් එය මීට කලකට ඉහතදී මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවයි.

යම් පුද්ගලයෙකු එය විහාර භූමියට පිටත සිට විසි කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.