හංවැල්ල තානායම් භූමියේ පිහිටි ඓතිහාසික ගල් බංකුව මත පිලිස්සී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙයි.
තානායමේ නවාතැන් ගෙන සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇතැයි හඳුනාගෙන තිබේ.
ඔහු පිළිස්සී මියගොස් තිබීම ප්‍රහේලිකාවක් වී තිබේ. තානායමේ සේවකවයින්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අද අලුයම 1 පමණ වන තෙක් මත්පැන් පානය කරමින් සිටි බවට සාක්ෂි ලබාදී ඇත.
1875 දී මෙරටට පැමිණි වේල්සයේ කුමරු ලෙසට හැඳින්වෙන 7 වන එඩ්වඩ් කුමරු එවක පරිහරණය කළ ගල් බංකුවක් මත තිබී මෙම මළසිරුර හමුවිය.
එඩ්වඩ් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීම සනිටුහන් කිරීම වෙනුවෙන් එම ස්ථානයේ කොස් ගසක් ද රෝපණය කර ඇති අතරහංවැල්ල තානායම් භූමිය පිහිටා ඇත්තේ ඓතිහාසික ඕලන්ද බලකොටුව පිහිටි ස්ථානයට යාබදවය.
මියගිය තැනැත්තා සාලාව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙක් බවට ජාතික හැඳුනුම්පත අනුව හඳුනාගෙන තිබෙන අතර නුගේගොඩ අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ හංවැල්ල පොලිසිය මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval