යක්කල පිටුවල්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් අවුරුදු 78 ක පස් දරු මවක ඝාතනය කර රන්බඩු හා මුදල් කොල්ලකා ඇතැයි ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
මියගිය කාන්තාවගේ සහ නිවසේ සිටි තවත් කාන්තාවන් ගේ අත් පා බැඳ කටට රෙදි පාන්කඩ දැමීම නිසා අසාධ්‍ය තත්වයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පස්දරු මව මියගොස් ඇත.
මියගිය පස්දරු මව හා ඇගේ තනියට තවත් කාන්තාවක සිට ඇති අතර හදිසියේ නිවසට ඇතුළු වූ සොරුන් දෙදෙනෙකු මෙසේ ඔවුන්ගේ අත් පා කට බැඳ දමා එහි අල්මාරිවල තිබූ රන් බඩු හා මුදල් කොල්ලකා ගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත
මෙහිදී කොල්ල කන ලද මුදල් හා රන් බඩු වල වටිනාකම මෙතෙක් ගණනය කළ නොමැති බව පොලීසිය කියයි
මෙම සිද්ධියෙන් පිටුවල්ගොඩ පදිංචි ජී පී නන්දාවතී අවුරුදු 78 නමැති පස්දරු මව මියගොස් ඇත
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්ව සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල මහත්වරුන්ගේ උපදෙස් මත මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත මුණසිංහ මහතාගේ මෙහෙයුමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි
(උපාලි රණවීර)
courtesy-lankadeepa.lk
Comments
Post a Comment
Your comment will be visible after approval