දඹුල්ල කලෝගහඇල ප්‍රදේශයේ නිවසක තිබී 14 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
ඇය අතුරුදන්ව ඇති බවට පොලිසියට ඇගේ නිවැසියන්ගෙන් ලැබී තිබුණ පැමිණිලි අනුව කළ විමර්ශනයේදී මෙලෙස මියගොස් තිබී හමුවිය.
මියගිය දැරිය ගණිත පාඩම් කියා දීමට හැකියාව ඇති දක්ෂතා දැක්වූ අයෙකු බව පැවසෙන අතර මේ නිසා වරින්වර දන්නා කියන අයට උපකාර කිරීමට පාඩම් කියා දීමට යන බව පැවසේ.
අවසන්වරට ඇය අතුරුදන්ව ඇත්තේ පවුලේ හිතවතෙකු තමාගේ දියණියට ගණිතය ඉගැන්වීමට අවශ්‍යවීම නිසා පසුගිය 6 වැනිදා දැරිය කැටුව ගිය පසුය.දැරිය යතුරු පැදියෙන් රැගෙන ගොස් ඇති නමුත් එම කටයුත්ත නිමවා යලි නිවසට නොපැමිණි බව කියැවේ.
ඇය ගැන සොයා බැලූ දැරියගේ මව රැගෙන ගිය පුද්ගලයා ගැන සොයා බැලිමේදී ඔහුගේ නිවසේ කිසිවෙකු නැති බවත් ඉබ්බෙකුද දොරට දොරට දමා ගොස් ඇති බවත් හිමිකරුවන් දන්වා ඇත.
දැරිය රැගෙන ගිය පුද්ගලයාට ඇමතුම් ලබාගත්තත් උත්තර ලැබී නැත.
දැරිය නිවසට නොඒම ප්‍රහේලිකාවක් වීම නිසා දැරියගේ පවුලේ අය ඇය අතුරුදන් බවට පොලිසියට පැමිණිලි කර තිබුණි.
දැරියගේ මව මෙසේ පැවසුවාය.
‘මට තව දුවෙක් ඉන්නවා. එයාගෙ යාළුවෙක් කියල තමයි මේ අය පැමිණ ටියුෂන් දෙන්න අපේ දැරිය අරන් ගියේ. අරන් යන වෙලාවේ එයයි බිරියයි ඒ අයගේ අවුරුදු 7 දරුවයි ආවා. ඒ දරුවට ටියුෂන් දෙන්න තමයි එක්ක ගියේ. ඒත් කියන වෙලාවට ඇරලුවෙ නැහැ. පණිවිඩයක් ගන්න විදිහක් තිබුනෙත් නැහැ. පොලිසියට කීවාට එදාම ආවෙ නැහැ..
මං කොළඹටත් කතා කළා. අන්තිමේදී පහුවදා තමයි පොලිසිය ඇවිත් බැලුවෙ. ඉබ්බ දාලා තිබුණ දොර දිහා බලල යන්නයි හැදුවෙ. ඒත් මං කිව්වා ඉබ්බ කඩල හරි බලන්න කියල. එතකොට තමයි දුවගෙ මළ සිරුර හම්බ වුනේ.‘
දඹුල්ල පොලීසිය ඉබ්බෙකු දමා වසා පාළුවට ගිය නිවසේ දොරගුලු කඩා පරීක්ෂා කිරීමේදී නිවසේ ඇඳක් මත තිබී දැරියගේ මළ සිරුර සොයාගෙන තිබුණි.
දැරිය රැගෙන ගිය සැකකරු සහ ඔහුගේ බිරිඳ මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙයි.
දඹුල්ල බකමුණ පාරේ කලවගහා ඇල ප්‍රදේශයේ නිවසක 14 හැවිරිදි දැරියක මෙලෙස මියගියාය.
නිවසින් පළාගිය අඹුසැමි යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval