2021 වසර සඳහා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාග නැවත වරක් කල් තබන බව පාර්ලිමේන්තුවට අද දැනුම් දෙන ලදී.

කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් කලින් කල් දමා තිබූ විභාග දෙක නොවැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.



කෙසේ වෙතත්, කලින් සැලසුම් කළ පරිදි විභාග පැවැත්විය නොහැකි බවත් නැවත වරක් කල් දැමීමට සිදු ව ඇති බවත් ඔහු පැවසීය.

විභාග දෙක සඳහා නියම කර ඇති නව දිනයන් පසුව දැනුම් දෙන බව රාජ්‍ය අමාත්‍ය වරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ අතර, 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සකස් කිරීම සඳහා වන අයදුම්පත් ඔක්තෝම්බර් 25 වනදායින් අවසන් වන බවවිභාග දෙපාර්තමේන්තුව පවසා තිබේ.