ඉන්දීය රුපියල් කෝටි 200 ක කප්පම් ගැනීමේ ජාවාරමක චූදිතයෙකු වී සිටින සුකේෂ් චන්ද්‍රසේකර නමැති අය සමග සම්බන්ධවූ නිසා ශ්‍රී ලංකා සම්භවය සහිත නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (ඊඩී) මගින් දෙවන වරටත් ප්‍රශ්න කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්ඩියා ටුඩේ පුවත්පතේ වාර්තාවකට අනුව ඇය බදාදා සවස 3 ට පමණ නවදිල්ලියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.
මීට ඉහත පසුගිය අගොස්තු මාසේ අගදීත් ඇයව මුල්වර ප්‍රශ්න කරනු ලැබූ අතර ඉන් පසු අවස්ථා 3 කදී ඇයට කැඳවීම් ලැබුණත් ඇය අධික වැඩ ඇති බව දක්වමින් මගහැර තිබුණි.
සුකේෂ් චන්ද්‍රසේකරට අයත් නිවාසයක් ලබාගැනීමට ජැක්ලින් සිය පෙම්වතා සමග සම්බන්ධවී සිටීම හා ඇතැම් මුදල් ගනුදෙනු ඇගේ හා ඔහුගේ බැංකු ගිණුම් අතර ගනුදෙනු පැවතීම මෙම ප්‍රශ්න කිරීමට හේතුවයි.
ජැක්ලින් මිලයට ගන්නට ගිය චෙන්නායි හි මුහුදට මුහුණලා තිබූ බංගලාව සුකේෂ් චන්ද්‍රසේකර ඇයට අලෙවි කරන්නට උත්සාහ දැරූ අතර මූලික අත්තිකාරම් ගෙවා තිබුණි.


ඉන්දීය රුපියල් කෝටි 200 ක පමණ මුදලක් වංචා කිරීම සහ කප්පම් ගැනීම යන චෝදනා යටතේ දිල්ලි පොලිසිය විමර්ශන සිදු කරමින් පවතින සුකේෂ් චන්ද්‍රෙස්කර මේවනවිට සිරගතව සිටින මූල්‍ය අපරාධකරුවෙකි. එම තැනැත්තාගේ බිරිය බව කියන්නේ මලයාලම් නිළියක වන ලීනා මරියා පෝල් වන අතර ජැක්ලීන්ව සුකේෂ් හා මිතුරු කරදෙන්නේ ලීනාය.
වාර්තාවන ආකාරයට ජැක්ලීන්ව ප්‍රශ්නකර ඇත්තේ පහත කරුණු සම්බන්ධයෙනි.
ජැක්ලින්ට සුකේෂ් චන්ද්‍රසේකර් හෝ ඔහුගේ බිරිඳ ලීනා මාරියා පෝල් මුණගැසුණේ කවදාද?
ඇය සුකේෂ්ට දුරකථනයෙන් කතා කළාද? එසේ නම්, අනෙක් පැත්තේ සිටි පුද්ගලයා සුකේෂ් බව ඇය කොපමණ වාරයක් දැන සිටියාද?
ඇයට කවදා හෝ සුකේෂ් පෞද්ගලිකව හමු වී තිබේද?
ගතවූ වසර දෙක තුන තුළදී සුකේෂ් හෝ ඔහුගේ බිරිඳගේ සමාගම සමඟ ඇය යම් ආකාරයක මූල්‍ය ගණුදෙනු හෝ ව්‍යාපාරික ගනුදෙනු සිදු කර තිබේද?
ඔවුන්ගෙන් ඇයට යම් තෑග්ගක් (දීම) ලැබී තිබේද? ඇයට කිසියම් තෑග්ගක් ලැබුනේ නම්, තෑගි කවදාද සහ මොනවාද?
යන ඒවාය. කෙසේ වෙතත් ජැක්ලීන් මෙම ගනුදෙනුව සම්බන්ධ තවම කිසිවක් මාධ්‍ය වෙත දන්වා නැත.
 (ඉන්දියා ටුඩේ ඇසුරිනි - Gossiplankanews.com)