facebook--company-name-change

ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්,මැසෙන්ජර්  වැනි  ලෝකයේ සුපතල සන්නාම නාම කිහිපයක් පවත්වා යන ෆේස් බුක් සමාගම සිය සමාගම් නාමය ලබන සතියේ වෙනස් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබේ. ප්‍රකට තාක්ෂණික වෙබ් අඩවියක් වන වර්ජ් වෙත මෙම වෙනස ගැන ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අදහස් දක්වා ඇති අතර ඔහු එය තහවුරු කර තිබේ.


කෙසේ වෙතත් මෙම වෙනස කරන්නට යන්නේ ඔවුනගේ සමාගම් නම පමණි.ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්,මැසෙන්ජර් යන සන්නාමයන් එලෙසම පවතින අතර facebook inc යන සමාගම් නම වෙනස් කරනු ඇත.


දැනට 10000 කට අධික ලොව පුරා සේවක සංඛ්‍යාවක් සේවය කරන මෙම සමාගමේ ලබන ඔක්තෝබර් 28 වනදා වාර්ෂික රැස්වීම පවත්වන අතර එහිදී නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවත්වන කතාවේදී නව නාමය ප්‍රසිද්ධ කරනු ඇත.
අතිශය වටිනාකමකින් යුත් ‘ෆේස්බුක් සමාගම‘ යන නම වෙනුවට අලුත් නමකට යන්නට ෆේස්බුක් තීරණය කර ඇත්තේ ව්‍යාපාරික ව්‍යුහය පුළුල් කිරීම හා අලෙවිකරණ උපායමාර්ගයක් අනුව යයි සකර්බර්ග් පවසා තිබේ.
නව නිෂ්පාදන වෙත යාමට සමාගම අපේක්ෂා කරන බවත් ඒ සඳහා නමේ සීමාවන් බාධාවක් බවත් පවසා තිබේ.

කෙසේ වෙතත් මේ ගැන ‘ද ගාර්ඩියන්‘ පුවත්පත වාර්තා කර ඇත්තේ වෙනස් කතාවකි. ඒ නම් පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ෆෙස්බුක් සමාගම නීතිමය ගැටලුවලට මුහුණපා ඇති බවත් එසේම කීර්ති නාමයට හානි පමුනුවාගෙන ඇති බවත් ඒ හේතුවෙන් නම වෙනස් කිරීම තුළින් ඇතැම් චෝදනා වලට ඉදිරියේදී වියහැකි පාඩු අවම කරගන්නට හැකිවනු ඇති බව ඔවුන් කල්පනා කර ඇති බවය.
ෆේස්බුක් වසර තුනකට පෙර කේම්බ්‍රිජ් ඇනලිටිකා අපකීර්තියට ලක්වූ අතර එහි හිටපු සේවකයෙකු වන ෆ්‍රැන්සිස් හෝගන් දස දහස් ගණන් ලේඛන කාන්දු කර එක්සත් ජනපද සෙනෙට් සභිකයින්ට සාක්‍ෂි දුන් අතර ෆේස්බුක් චෝදනා රැසක පැටලී තිබුණි.



මේ අතර  තාක්ෂණික විද්‍යා සඟරාවක් වන වර්ජ් පවසන්නේ මේ ආකාරයට කොම්පැනි නම වෙනස් කළ පළමු ඩිජිටල් සමාගම ෆේස් බුක් පමණක් නොවන බවයි.
2015 දී ගූගල් සමාගම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කළේ ‘ඇල්ෆබට්‘ නැමති සමාගම යටතේ වන අතර එය තවදුරටත් සෙවුම් යන්ත්‍රයක් නොවන බවත් රියදුරන් රහිත කාර් සහ සෞඛ්‍ය තාක්‍ෂණ නිපදවන සමාගම් සමඟ පුළුල් සමූහයක් බවත් සංඥා කළේය. තවද ස්නැප්චැට් 2016 දී ස්නැප් ඉන්කෝපරේෂන් වෙත නැවත නම් කරන ලද අතර එම වසරේම එය “කැමරා සමාගමක්” ලෙස හැඳින්වීමට පටන් ගත් අතර එහි ප්‍රථම කණ්නාඩි කැමරා යුගලය හඳුන්වා දෙන ලදී.
 (ද ගාර්ඩියන්, ද වර්ග් හා සීඑන්එන් ඇසුරිනි - Gossiplankanews.com)