anil-jasinghe-katunayake

පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ  පසුගිය  ඉරිදා (3)  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට දකුණු කොරියාව බලා යාමට උත්සාහ කළ අවස්ථාවේ පියාසර ගුවන් යානයට ගොඩවීම බලධාරීන් විසින් වළක්වා තිබුණි. එම අවස්ථාවේ ඔහුගේ එන්නත් කාඩ්පත ඔහු සන්තකයේ නොතිබීම එයට හේතුවිය.


අමාත්‍යාංශ ආරංචි මාර්ග මේ ගැන තහවුරු කර තිබෙන අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සමඟ ජාසිංහ මහතා විදෙස් ගතවීමට යාමේදී මෙවැනි අතපසුවීමක් සිදුවීම ඇතැමුන්ගේ විස්මයට හේතු විය.
ඒ කොරෝනා පළමු රැල්ල කාලයේ බොහෝ අය සමග උපදේශාත්මක කරුණු බෙදාහදාගත් ඔහු
ප්‍රායෝගික වශයෙන් තමන්ගේ වැඩ වලදී ඇතැම් දේ අමතක කරන බව දක්වමිනි.


කෙසේ වෙතත් ආරංචි මාර්ග පවසන්නේ සාමාන්‍යයෙන් වෛද්‍ය ජාසිංහ ඔහුගේ එන්නත් කාඩ්පත යන යන හැම තැනම රැගෙන යන අයකු බවයි. නමුත් එදින සුවිශේෂ  “අතපසු වීමක්” සිදුව ඇත.
ඔහුට නිවසේදී ඔහුගේ එන්නත් පත අමතක වූවා සේම ගුවන් තොටුපළේ සිට නිවසේ අය අමතා එය සොයාගන්නටද නොහැකි විය. පසුව ජාතික රෝහලේ එන්නත ලබාදුන් තැන නිලධාරීන්ට අමතා කාඩ්පතේ පිටපතක වට්ස් ඇප් ඡායාරූපයක් තම ජංගම දුරකථනය වෙත ගෙන්වාගෙන එය පෙන්වා ඔහු විදෙස් ගතවී තිබුණි.
කෙසේ වෙතත් එන්නත් කාඩ්පත නොතිබීම දකුණු කොරියාවේදී ගැටලුවක් ඇති නොකරන බවද වාර්තා විය.

මුලින් සලකා බලන බණ්ඩාරනායක ගුවන් තොටුපළේ නීති අනුව පමණක් ගැටලු මතු විය.
අද  (5) සිට 7 වනදා දක්වා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ආසියා පැසිෆික් කලාපයේ 4 වන අමාත්‍යවරුන්ගේ හා පරිසර අධිකාරීන්ගේ සමුළුවට ඔහු සහභාගී වන්නේය.