නෙදර්ලන්තයේ රූ රැජිනිය ලෙස කිරුළු පැලැඳි 21 හැවිරිදි ඩිලේ විලෙම්ස්ටෙයින් සිය COVID-19 එන්නත් මාත්‍රාව ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගින්ම මේ වසරේදී පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට සහභාගි වීමේ අවස්ථාව ඇයට අහිමි වී යන නිසා ඇයගේ කිරුළ ගලවා දෙවැනියාට දීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා සහභාගි වත සියලුම රූප රාජිනියන් COVID-19 එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පූර්ණ එත්නත්කරණයක් සිදු කරගත යුතුව ඇති බවට එහි සංවිධායකයන් දැනුම් දී තිබේ. එහෙත් නිරූපිකාවක සහ නර්තන ශිල්පිනියක වන ඩිලේ තවමත් තමන් එම එන්නත් ලබා ගැනීමට සූදානමක් නොමැති බව පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
"එන්නත ලබා ගන්න තවමත් මම පෞද්ගලිකවම සූදානම් නැහැ. එන්නත ගැන මට තවම හොඳක් දැනෙන්නේ නෑ.මම දන්නේ නෑ ඉදිරියේදී මම එන්නත ලබා ගන්න යොමු වේවි."
යනුවෙන් ඇය පවසා ඇත. ඒ අනුව ඇගේ ස්ථානය නෙදර්ලන්ත රූප රාජිනී තරගයේ දෙවැනි ස්ථානය හිමි කරගත් ලිසි ඩොබේ වෙත පිරිනැමීමට නෙදර්ලන්ත බලධාරින් පියවර ගෙන තිබේ. ලබන දෙසැම්බර් මාසයේදී පෝර්ටෝ රිකෝහිදී ලෝක රූ රැජිනී තරගය පැවැත්වීමට නියමිතව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval