Malala-Yousafzai-writes-letter-to-Taliban

පකිස්ථානු තලේබාන් සංවිධානයේ වෙඩි පහරට ලක්ව ජීවිතය බේරාගත් නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසාෆ්සායි ඇෆ්ගනිස්ථානයේ නව පාලකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ගැහැණු ළමයින්ට නැවත පාසල් යාමට ඉඩ දෙන ලෙසයි.
දැනට ඇපල් සමාගමේ රැකියාවක් කරන මලාලා ඇැමරිකාවේ සිට මේ ලිපිය ලියන්නීය.
අගෝස්තු මාසයේදී බලය අල්ලා ගත් දැඩි ඉස්ලාමීය තලේබාන් සංවිධානය පිරිමි ළමයින් නැවත පාසල් කැඳවා ඇති මුත් කාන්තාවන්ට පහසුකම් සලසන්නට අපහසු බව දක්වා ද්විතීයික පාසැල් වෙත සිසුවියන් යාම වළක්වා මසකට වැඩි කාලයක් ගතවී ඇත.
ඉස්ලාමීය නීතිය අර්ථ නිරූපණය කිරීම යටතේ ආරක්ෂාව සහ දැඩි වෙන් කිරීම් සහතික කළ පසු ගැහැණු ළමයින්ට ආපසු යාමට ඉඩ දෙන බව තලේබාන් සංවිධානය පවසා ඇතත් බොහෝ දෙනෙකුට එය ඉටුකරාවිද යන්න සැකය මතුව ඇත.

ඒ නිසා ඇෆ්ගනිස්තානයේ ඒ දක්වා පාසල් ගිය සිසුවියන් දැන් නිවෙස්වලට වී සිටින අතර සිසුන් පමණක් අධ්‍යාපනය ලබමින් සිටී.
"තලේබාන් බලධාරීන්ට ... ගැහැණු අධ්‍යාපනය සඳහා වූ තහනම වහාම ඉවත් කර උසස් බාලිකා ද්විතීයික පාසල් වහාම විවෘත කරන්න" යනුවෙන් යූසෆ්සායි සහ විවෘත ලිපියක සඳහන් කළාය.

"ගැහැණු ළමයින් පාසල් යාම වැළැක්වීම ආගමෙන් යුක්ති සහගත නොවන" බව තලේබාන් සංවිධානයට පැහැදිලි කරන ලෙස මුස්ලිම් ජාතීන්ගේ නායකයින්ගෙන් යූසුෆ්සායි ඉල්ලා සිටියාය.
ලිපිය සමඟ පෙත්සමක්ද ගොනු කර ඇති අතර අන්තර්ජාලය ඔස්සේ සඳුදා ඊට අත්සන් 640,000 කට වඩා ලැබී තිබුණි.


අධ්‍යාපන ක්‍රියාකාරිනියක වූ යූසෆ්සායි 2012 දී පාසල් බස් රථයක සිටියදී ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ ටෙරික්-ඊ-තලේබාන් සටන්කාමීන් විසින් ස්වට් නිම්නයේ පිහිටි ඇගේ උපන් නගරයේ දී වෙඩි තබා ඝාතනය නිරීමට තැත් කර තිබුණි.
දැන් වයස අවුරුදු 24 ක් වන ඇය ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින අතර ඇගේ ලාභ නොලබන මලාලා අරමුදල ඇෆ්ගනිස්ථානයේ ඩොලර් මිලියන 2 ක් ආයෝජනය කර ඇත.